මේ රටේ ඊළඟ පරම්පරාවේ දේශපාලන බලවේගය ද මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැඟුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. මේ මහ පොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ දේශපාලන පක්ෂය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ද මහතා ප්‍රකාශ කරයි.නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මැදවච්චිය ආසන සමුළුව අමතමිනි .