උග්‍ර මන්ද පෝෂණ තත්වයෙන් පසුවන දරුවන් සඳහා ලෝක ළමා අරමුදලේ ආධාර යටතේ අධිපෝෂ්‍යදායී ආහාර පැකේජයක් ලබා දීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය තීරණය කර ඇති බව එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසයි.මේ වනවිට මෙරට උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් 20,000 ක් පමණ හඳුනාගෙන ඇති බව ද ඇය පවසයි.ප්‍රාදේශීය රෝහල් කරා යොමු කරන වෛද්‍යවරුන් ප්රමුඛ කණ්ඩායමක් මගින් සිදුකරන පරීක්ෂාවන් මඟින් හඳුනා ගන්නා දරුවන්ට පසු එම අධිපෝෂ්‍යදායී ආහාර පැකේජය ලබා දෙන බව ද විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය වැඩිදුරටත් පවසයි.