උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් අඩාල වූ බදුල්ල කොළඹ දුම්රිය ධාවනය අද (15) අලුයම සිට යලි සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පවතින අධික වර්ෂාවත් සමඟ ඊයේ (14) පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව තිබිණි.