මේ වන විට පවත්නා වියළි කාලගුණ තත්වය හමුවේ උඩවලව සහ යාල වනෝද්‍යාන දෙස්-විදෙස් සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වනජීවී අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ අද( 07)සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.දැඩි වියළි කාලගුණ තත්ත්වයන් හමුවේ උඩවලව සහ යාල වනෝද්‍යාන වසා දමා ඒවායේ සතුනට උපරිම සංචරණ පහසුව සළසන අතර එම වනෝද්‍යාන තුළ ඇති සිඳී ගිය ජලාශ වලට බවුසර් මඟින් ජලය සැපයීම ද සිදු කරනු ලැබේ.