උඩවලව ජලාශයේ සහ සමනල වැව ජලාශයේ ජලය මේ වන විට ශීඝ්‍රයෙන් සිඳී යාම මත උඩවලවෙන් සීමිත ජල ප්‍රමාණයක් මේ වන විට ගොවිතැන් වලට නිකුත් කිරීම හේතුවෙන් චන්ද්‍රිකාවැව කොට්ඨාශයේ හල්මිල්ල කැටිය ඒකකය, සහ කුට්ටිගල ඒකකය,ආදී ගොවි බිම් වල ගොවි ජනතාව මහත් අසීරුවට පත්ව හිඳිති.ඒ හේතුවෙන් උඩවලව ව්‍යාපාරයේ ගොවි සංවිධාන 284 විසින් වී වගාවට දැඩි හානි සිදුව ඇති බව පවසමින් මාධ්‍ය හමුවක් ද පවත්වන ලදී. සමනල ජලාශයෙන් ඉදිරි දින 20 සදහා ජලය උඩවලව ජලාශයට නිකුත් කරන ලෙස ඉල්ලා ගොවීන් මෙම මාධ්‍ය හමුව පැවැත්වුණු අතර ජල විදුලි උත්පාදනය කෙරෙන ජලාශයකි.