උණුසුම් කාලගුණයේ අවදානම ගැන නිවේදනයක්

උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විජලනයෙන් ආරක්ෂා වීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික දියර වර්ග පානය කරන ලෙස වෛද්‍යවරුන් පවසයි.

ඊයේ(25) වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 37 වව්නියාවෙන් වාර්තා වූ අතර, අධික උණුසුමක් දැනෙන සෙසු ප්‍රදේශ වන හම්බන්තොට, පොළොන්නරුව, මඩකලපුව හා පුත්තලම දිස්ත්‍රික්කවලින් වාර්තා වූයේ, සෙල්සියස් අංශක 30.4ක උෂ්ණත්වයකි.

එමෙන්ම යාපනය, ත්‍රිකුණාමලය, මුලතිව්, මන්නාරම සහ අනුරාධපුරයේ සෙල්සියස් අංශක 29 ඉක්මවූ උෂ්ණත්වයක් පැවතී ඇත.පරිසරයේ උෂ්ණත්වය එලෙස පැවතියත් ශරීරයට දැනෙන උණුසුම ඉහළ අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලීන පුවත්