උණුසුම් කාලගුණය අප්‍රේල් මැද තෙක්

මේ වන විට පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.පවතින උණුසුම් කාලගුණයට හේතුව සුළගේ වේගය අඩුවීම හා වළාකුළු අහසේ අඩුවීම බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.එහි අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පවසන්නේ උෂ්ණ කාලගුණයක් පවතින දහවල් කාලයේ හැකිතාක් එළිමහනේ කටයුතු කිරීම අවම කරන ලෙසයි.උණුසුම් තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ නිදන්ගත රෝගීන් විජලනයෙන් ආරක්ෂා කරගන්නා ලෙසට වෛද්‍යවරු ඉල්ලා සිටිති.මෙහිදී, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් බව ද වෛද්‍ය වරු පෙන්වා දෙති.ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් බව ද ඔව්හු අවධාරණය කරති.

කාලීන පුවත්