උණුසුම් කාලගුණය ඉදිරි දින කිහිපයේත්

වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේ ද පවතින අතර මෙහිදි ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු පිළිබද ජනතාව බෙහෙවින් සැළකිලිමත් විය යුතු බව අදාළ අංශ සඳහන් කරයි.

උණුසුම් කාලගුණය හේතුවෙන් එළිමහනේ ක්‍රියාකාරකම්වල නිතර වන පුද්ගලයන්ට විජලන තත්ත්වයක් ඇති විය හැකියි.එමෙන්ම මෙවැනි කාලගුණ තත්ත්වයකට ගැලපෙන ඇදුම් භාවිත කරන ලෙසට ද සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් දැඩි පීඩාවන්ට ලක්ව සිටියි.මිනිසුන් මෙන්ම සතුන් ද පවතින තත්ත්වය හමුවේ දැඩි පීඩාවකට පත්ව සිටියි.

වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වය ලබන මාසයේ මෙන්ම අප්‍රේල් මාසයේ දී ද අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලීන පුවත්