උණුසුම් කාලගුණය තවදුරටත්

මේ දිනවල පවත්නා උණුසුම් කාලගුණික තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියයි.ලබන අප්‍රේල් 15 වැනිදායින් පසු සැලකිය යුතු වර්ෂාවක් ලැබෙන තත්වයකට කාලගුණ වෙනස්කම් සිදුවනතුරු දැනට පවතින උණුසුම් කාලගුණික තත්වය එලෙසම පවතිනු ඇතැයි අධ්‍යක්ෂ ජනරාල් වරයා කියයි.මේ මස 22 වැනිදායින් පසු සුළු බස්නාහිර, දකුණ, වයඹ සහ සබරගමුව යන පළාත්වලට සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ සුළු වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි නමුත්, එය දැනට පවතින උණුසුම් තත්ත්වය අඩුකිරීමට තරම් හේතුවක් නොවන බව ද ඔහු සඳහන් කරයි.

කාලීන පුවත්