කොවිඩ් වසංගතයෙන් සිදුවන මරණ වැඩි වීමත් සමඟම උතුරු පළාතේ දැනට ඇති ආදාහනාගාර සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම මත යාපනය, මන්නාරම, මුලතිව් හා කිළිනොච්චි යන ප්‍රදේශ වල තවත් ආදාහනාගාර හයක් ඉදි කිරීමට උතුරු පළාත් පාලන කොමසාරිස්වරයා පෙරේදා (9) අවසර ලබා දී තිබේ.
උතුරු පළාතේ පළාත් පාලන ආයතන කීපයක් විසින් කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව කොමසාරිස්වරයා ඊට අවසර ලබා දී තිබේ. මේ වනවිට උතුරු ප්‍රදේශයේ ආදාහනාගාර ඇත්තේ වවුනියාව, පූන්තෝට්ටම් හා යාපනය පොම්මාවේලී යන ප්‍රදේශවල පමණක් බව වාර්තා වෙයි..
.හින්දු ආගමික චාරිත්‍රානුකූලව සිදු කෙරෙන ආදාහන කටයුතු බහුල වීම මත දිවයිනේ සෙසු පළාත් වලට සාපේක්ෂව උතුරු පළාතේ ආදාහනාගාර සංඛ්‍යාව අඩු බව ද පැවසෙයි.එමෙන්ම කොවිඩ් වසංගතය නිම වූ පසුව ද මේවායේ නඩත්තුවට සරිලන ආදාහන කටයුතු ප්‍රමාණයක් සිදු කළ හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.