උතුරේ දූපත් තුනක සූර්ය සහ සුළං විදුලි බල ව්‍යාපෘති තුනක් අදානිට

උතුරු පළාතේ දූපත් තුනක සූර්ය සහ සුළං විදුලි බල ව්‍යාපෘති තුනක් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට සූදානමක් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මුදල් ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දීමක් පවා සිදුකර ඇති බවද ඔහු පැවසීය.

චීන සමාගමක් විසින් මෑතකදී අතහැර දමන ලද ව්‍යාපෘති තුන ඉන්දියාව වෙත ලබාදීමට මෙසේ සූදානම් වන බවද මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

අදාල ව්‍යාපෘති අතහැර දැමීම සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය මෑතකදී නිවේදනය කළේ තුන්වන පාර්ශවයකින් පැමිණිය හැකි බලපෑම් මත එම ව්‍යාපෘතිය මාලදිවයින් දූපත් හි ස්ථාපනය කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බවයි.

කාලීන පුවත්