මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන රජයට එරෙහි නිර්පාක්ෂික ජනතා උද්ඝෝෂණයට එක් වන ජනතාව සඳහා කෙටි ආහාර,බෝතල් ජලය සහ සිසිල් බීම වලින් සංග්‍රහ කිරීමට විවිධ ව්‍යාපාරික සහ ස්වේච්ඡා ආයතන,වෙනත් සංවිධාන සහ දානපතීන් ඉදිරිපත් ව සිටින බව වාර්තා වෙයි.
ඊට අමතරව එම උද්ඝෝෂකයන්ට හදිසි ප්‍රතිකාර හෝ ප්‍රථමාධාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා පෞද්ගලික මට්ටමින් දායක වීමට රජයේ සේවයේ නියුතු වෛද්‍ය සහ හෙද කාර්ය කණ්ඩායම් කිහිපයක් මේ වන විට ගාලු මුවදොර පිටිය හා ඒ අවට සූදානම් ව සිටින බව ද වාර්තා වෙමින් තිබේ.