හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රථයට පසුගිය 2023 සැප්තැම්බර් 17 දා අනුරාධපුර පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට දී වෙඩි ප්‍රහාරයක් එල්ල වීම ඔහු සහ සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම යන දෙදෙනා සැලසුම් සහගතව කරන ලද්දක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව උද්දික ප්‍රේමරත්න මහතා ගමන්ගත් මෝටර් රථයට වෙඩි තැබීමට යොදාගත් බව කියන පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබේ.මහෙස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෝසමක් මගින් අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේදීය.සැකකාර පොලිස් අධිකාරීවරයා පසුගිය 12දා මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති බව, පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කළේය.