දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගයට රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවයේ නිරතව සිටින වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයදුම් කිරීමට ඉඩ ලබා දී තිබේ.දැනට උසස්පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩිනමින් පිරවීම සඳහා මෙම පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩි දුරටත් පවසා සිටිනුයේ ඉන් පසුව ඉතිරිවන අනෙකුත් පුරප්පාඩු සඳහා සෙසු උපාධිධාරීන් බඳවාගැනීමට කටයුතු කරන බවකි.