උසස් අධ්‍යාපනය විිකුණන උපාධි කඩ කතාවේ ඇත්තක් තිබේද?

vinivida

අප රටේ වරින් වර සමාජයේ කතාබහට ලක් වන කාරණාවලින් එකක් ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහන් කළ හැකිය. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්නට අවසර දෙන්නේ යැයි ප්‍රවෘත්තිය මතු වන සෑම අවස්ථාවකදීම අධ්‍යාපන සංගම්, ශිෂ්‍ය සංගම් එයට එරෙහිව වීදි බසිනු දැක ගත හැකිය. මෙවැනි උද්ඝෝෂණවල දී පවසනු ලබන එක් කාරණයක් වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන්, සුදුසුකම් තිබුණ ද නැති ද මුදල් ගෙවීමෙන් උපාධියක් ලබාගත හැකිය යන්නය. තවත් ලෙසකින් පවසතොත් ‘උපාධි කඩ’ කතාවය. සැබවින්ම මේ කතාවල සත්‍යයක් තිබේද? පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් අධ්‍යාපනය වල පල්ලට යාම ආරම්භ වේද?

බොහෝ දෙනෙක් පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධව පළ කරන ප්‍රධාන අදහසක් වන්නේ ඒවායේ ප්‍රමිතියක් නොමැති බව, ඉතාමත් අඩු අධ්‍යාපන සුදුසුකම්වලින් ඒවාට ඇතුළු වී, ඉහළ ලකුණු ලබා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට යන පිරිසට හා සමාන අවස්ථාවන් මුදලට ලබා ගැනීමේ හැකියාව ඇති වන බවය. විශේෂයෙන් වෛද්‍ය විද්‍යාල පිළිබඳ සලකා බැලීමේ දී නැගෙන චෝදනාවන් වන්නේ ඉතා අඩු ලකුණු මට්ටමකින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලට ගොස් මුදලට ලබා ගන්නා වෛද්‍ය උපාධිය කෙතරම් විශ්වසනීය ද, එයින් බිහිවන වෛද්‍යවරයාගේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව වැනි ඒවාය.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය

සාමාන්‍යයෙන් අපේ රටේ රජයේ විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලබන්නට නම් උසස් පෙළ විභාගයෙන් ඉහළතම ලකුණු ලබා ගත යුතුය. කලකට පෙර යම් කඩයිම් ලකුණු මට්ටමකට වඩා වැඩියෙන් ලබාගත් සියලු දෙනාටම විශ්වවිද්‍යාල වරම් ලබා ගත හැකි වුව ද, පසුව Z-Score නමින් තවත් කඩයිමක් හඳුන්වා දෙනු ලැබිණි. එහිදී ඇතැම් අවස්ථාවල දී ඉහළ ලකුණක් තිබුණත් ඉල්ලා සිටිනු ලබන Z-Score මට්ටම නොමැති නම් විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්නට හැකියාව ලැබෙන්නේ නැත. එවැනි දරුවන්ගේ විශ්වවිද්‍යාල සිහිනය එතැනින්ම ලොප් වී යයි. නමුත් මේ අහිමි වන්නේ බොහෝ විට අනාගත විද්වතකු බිහිවීම වන්නට ඇති අවස්ථාව විය හැකිය. පෞද්ගලික විශ්වවිද්‍යාල තිබේ නම් රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් දොරටු වැසෙන දරුවන් බොහෝ දෙනෙකුට සිය සිහින සැබෑ කර ගත හැකිය.

මේ වන විිට අප රටේ උපාධි පිරිනමන ආයතන 51ක් පමණ පවතින අතර එය තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් තිබේ. ඉතිරි සියල්ල පෞද්ගලික ආයතනයන්ය. මේවායෙන් බොහෝ විට රාජ්‍ය විශ්වවිද්‍යාලවල නොමැති උපාධි පාඨමාලාවන් ද පවත්වාගෙන යනු ලබන අතර තවමත් විශ්වවිද්‍යාල ලෙස හඳුන්වන්නේ නැත. නමුත් ඒ බොහෝ උපාධි, රැකියාවන් සඳහා මග විවර කර දෙන ඒවා බව පෙනී යයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල අප සිතන තරමටම ‘හොඳ’ ආයතනද?

පාසල් සිසුවකු ශිෂ්‍යත්ව විභාගය හැරුණු විට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වශයෙන් ප්‍රධාන විභාග දෙකකට මුහුණ දෙයි. මේ විභාග සියල්ල අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඉතා ඉහළ ගුණාත්මක භාවයකින්, විනිවිද භාවයකින් සිදුවන ඒවාය. යම් යම් අවස්ථාවල දී ගැටලුකාරී තත්ත්වයන් අසන්නට ලැබුණ ද සමස්තයක් ලෙස ගතහොත් ඒ විභාග සියල්ල උසස්, යහපත් මට්ටමක පවතී. උසස් පෙළ අවසන් වී විශ්ව විද්‍යාලයට ඇතුළු වන සිසුවා තවදුරටත් එවැනි විනිවිදභාවයෙන් යුක්ත විභාගයකට මුහුණ දෙන්නේ නැත. මේ විභාග සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ විශ්වවිද්‍යාලය තුළම, එයට අවශ්‍ය ආකාරයටය. හිතාමතාම සිසුන් අසමත් කරවීමේ අරමුණින්ම ප්‍රශ්නපත්‍ර සකස් කරන අවස්ථාවන් ද ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. ඇතැම් අවස්ථාවල දී විශේෂිත සිසුන් ඉලක්ක කරගෙන අසමත් කරවන අවස්ථාවන් ද ඕනෑ තරම් අසන්නට ලැබේ.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය

පෞද්ගලික විශ්වවිද්‍යාලයක් යනු රාජ්‍ය පාලනයෙන් මිදුණු අධ්‍යාපන ආයතනයකි. කෙසේ නමුත් මේවා ලාබ ඉපයිය යුතු ආයතන ලෙස නිර්වචනය කෙරෙන්නේ නැත. ලොව ප්‍රමුඛ පෙලෙහි ලා සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට විශ්වවිද්‍යාලයන් වන හාවඩ්, මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනය, සැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාල පෞද්ගලික ඒවාය. නමුත් මේවා අතමිට මොලවා කීයක් හෝ ලබාදීමෙන් උපාධි ලබා ගත හැකි ඒවා නොවේ.

සැබවින්ම පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි කඩද?

මුලින්ම අප පෞද්ගලික විශ්වවිද්‍යාලයක් යනු කුමක්ද යන්න නිර්වචනය කර ගත යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාලයක් යනු රාජ්‍ය පාලනයෙන් මිදුණු අධ්‍යාපන ආයතනයකි. කෙසේ නමුත් මේවා ලාබ ඉපයිය යුතු ආයතන ලෙස නිර්වචනය කෙරෙන්නේ නැත. ලොව ප්‍රමුඛ පෙලෙහි ලා සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට විශ්වවිද්‍යාලයන් වන හාවඩ්, මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනය, සැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාල පෞද්ගලික ඒවාය. නමුත් මේවා අතමිට මොලවා කීයක් හෝ ලබාදීමෙන් උපාධි ලබා ගත හැකි ඒවා නොවේ. සුබපතන්නන්, ආදී විද්‍යාර්ථීන් ආදීන්ගේ අරමුදල්වලින් නඩත්තු වන මේවා මනා කළමනාකාරිත්වයකින් යුක්තව පිහිටුවන ලද අධ්‍යාපන සභාවකින් පාලනය වේ. මේවා පෞද්ගලික වුව ද ලෝකයේ ඉදිරි ගමනට ලැබෙන දායකත්වය පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

ටෝකියෝ විශ්වවිද්‍යාලය

අපේ රටේ තැන තැන ඇති, ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් නොමැති, උපාධි නමින් ව්‍යාජ සහතික පත් ලබා දෙන ආයතන සහ විධිමත් ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක වන පෞද්ගලික විශ්වවිද්‍යාල සමග මේවා පටලවා ගත යුතු නැත. විධිමත් ක්‍රමවේදයකට අනුව පාලනය වන පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගන්නේ හුදෙක්ම ඔවුන්ගේ දක්ෂතාවය මත පිහිටා පමණි. මෙහිදී සිසුවාගේ මූල්‍යමය ශක්තිය පිළිබඳ කිසිවක් සොයා බලන්නේ නැත. කැල්ටෙක්, හාවඩ් වැනි විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමෙන් පසු, තෝරා ගත් සිසුනට අදාළ උපාධි පාඨමාලා හදාරන්නට තරම් මූල්‍ය ශක්තියක් තිබේ ද යන්න සොයා බැලේ. වියදම දරාගන්නට යම් සිසුවකට නොහැකි වුවහොත්, ඔවුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ණය පහසුකම් ලබා දීම වැනි යෝජනා විශ්වවිද්‍යාලය මුලින්ම සිසුන් වෙත ලබා දේ. මෙවැනි ලොව පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙවැනි විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ සිය රට වෙනුවෙන් දක්ෂ උපාධිධාරීන් බිහි කිරීම සිය ඒකායන අරමුණ නිසාය.

ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල මොනවාදැයි අප සොයා බැලුවහොත් එයින් සියයට අනූවකටත් වඩා පෞද්ගලික විශ්වවිද්‍යාල බව පෙනී යයි. උදාහරණයක් ලෙස මුළු ලෝකයම පිළිගත් එක්සත් රාජධානියේ ඇති ඔක්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් යන විශ්වවිද්‍යාල දෙක පෞද්ගලික ඒවාය. ඉහත ඡේදයේ ද සඳහන් කළ ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ්, සැන්ෆෝර්ඩ්, චිකාගෝ ආදිය ද, ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලය ආදිය මෙහිදී සඳහන් කළ හැකිය. ඕස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලය ලෙස නම් තබා ඇත්තේ ද පෞද්ගලික විශ්වවිද්‍යාලයකටය. මේ ආයතනවල අධ්‍යාපනය හැදෑරීම සඳහා මුදල් ගෙවිය යුතු වුවද, ඒවාට ‘උපාධි කඩ’ ලෙස චෝදනා කෙරෙන්නේ නැත. ඒවා තරම් ලෝකයේ පිළිගැනෙන ගුණාත්මක අතින් ඉහළ තැනක ඇති වෙනත් අධ්‍යාපන ආයතන නොමැති තරම්ය. අනෙක එක්සත් රාජධානිය ගතහොත් ඔවුන්ගේ ජාතික ආදායමෙන් සෑහෙන ප්‍රමාණයක් උපයා ගන්නේ විදෙස් සිසුන්ට එරට තුළ අධ්‍යාපනය ලබා දීමෙනි. නමුත් කිසිවෙක් එයට ‘අධ්‍යාපනය විකිණීම’ යනුවෙන් හඳුන්වන්නේ ද නැත.

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙ අනුමැතියට යටත්ව, ඉතා උසස් ප්‍රමිතියකින් යුක්තව පෞද්ගලික විශ්වවිද්‍යාල අප රට තුළ ඇති කරන්නේ නම්, අප රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් හැලී යන බොහෝ දෙනෙකුට සිය උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගත හැකිවනු ඇත. අනෙක අධ්‍යාපනය හැදෑරීමට විදෙස් රටක් වෙනුවෙන් වැය කළ යුතු මුදල අප රට තුළම ඉතිරි වනු ඇත. එපමණක් නොව විදෙස් රටවල සිසුසිසුවියන්ට අප රටේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දීමෙන් එක්සත් රාජධානිය මෙන් විදේශ විනිමය පවා උපයන්නට හැකිය. මේ නිසා බොහෝ දෙනෙක් තුළ පවතින පෞද්ගලික විශ්වවිද්‍යාල යන ‘ගෝනි බිල්ලාට’ බිය විය යුතු නැත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙ අනුමැතියට යටත්ව, ඉතා උසස් ප්‍රමිතියකින් යුක්තව පෞද්ගලික විශ්වවිද්‍යාල අප රට තුළ ඇති කරන්නේ නම්, අප රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් හැලී යන බොහෝ දෙනෙකුට සිය උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගත හැකිවනු ඇත. අනෙක අධ්‍යාපනය හැදෑරීමට විදෙස් රටක් වෙනුවෙන් වැය කළ යුතු මුදල අප රට තුළම ඉතිරි වනු ඇත. එපමණක් නොව විදෙස් රටවල සිසුසිසුවියන්ට අප රටේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දීමෙන් එක්සත් රාජධානිය මෙන් විදේශ විනිමය පවා උපයන්නට හැකිය. මේ නිසා බොහෝ දෙනෙක් තුළ පවතින පෞද්ගලික විශ්වවිද්‍යාල යන ‘ගෝනි බිල්ලාට’ බිය විය යුතු නැත. විවිධ අධ්‍යාපන සංගම්, ඇතැම් දේශපාලන පක්ෂ ආදිය මගින් අප සිත් තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ ඇති කොට ඇත්තේ එවැනි ප්‍රතිරූපයකි. නමුත් අප දූපත් මානසිකත්වයෙන් මිදී ලෝකය වෙත හැරී බැලුවහොත් ලොව පුරා පවතින සත්‍යය අවබෝධ කර ගත හැකිය. එසේ හෙයින් දරුවන් දහස් ගණනකගේ ජීවිත ගමන් කරන මාර්ගය වෙනස් කළ හැකි, ශ්‍රී ලංකාවට දක්ෂයින් බිහිකර ගත හැකි දොරටු විවෘත කරගැනීමට උත්සාහ කරනවා විනා ඒවා කඩාබිඳ දැමීමට උත්සාහ කළ යුතු නැත. එවිට සිදුවන්නේ දැනටමත් සෑම අතින්ම පසුගාමී තත්ත්වයකට පත්ව ඇති ශ්‍රී ලංකාව තව තවත් වලපල්ලට ගමන් කිරීම පමණි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර