උසස් පෙළ අයදුම්පත් කැඳවයි

2023 වසර අපොස උසස් පෙළ විභාගය සදහා අයදුම් පත් භාර ගැනීම අද සිට මෙම මස 28 වැනිදා දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සියලුම අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic යන එම දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම ‘ DoE ’ වෙත පිවිස උපදෙස් හොදින් කියවා නිවැරදි මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ යුතු බවත් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසු සිසුවියන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද, අයදුම්පත් යොමුකළ යුතු බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කාලීන පුවත්