උසස් පෙළ උපකාරක පන්ති නියාමනය කිරීමට පියවර

‍උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු පැවසුවේ, උසස් පෙළ පන්තිවල අයකරන ගාස්තු, එම පන්තිවල පවසන කරුණු ආදී අංශ කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නියාමනය සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර, මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ළමුන් එළඹෙන සැප්තැම්බර් මාසය වන විට විශ්වවිද්‍යාල සඳහා ඇතුළු කරගැනීමට කටයුතු කරන බව ද ආචාර්ය සුරේන් රාඝවන් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

කාලීන පුවත්