අලුත් අවුරුද්දට පෙර උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව එහි ආරංචි මාර්ග කීවේය.ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වෙමින් පවතින බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා පැවැති මෙම විභාගය දෙසැම්බර් මස 20 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත විභාගය දෙසැම්බර් මස 31 වැනිදා දක්වා පැවැත්වීමට සිදුවිය.