උසස් පෙළ සමයේ විදුලිය නොකපන්න අපි තීරණය කොට නෑ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීම සම්බන්ධ කිසිදු තීරණයක් ගෙන නැතැයි ලංකා විදුලි බල මණ්ඩලය කියයි. නමුත් ඒ සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී අදාල පාර්ශ්ව ඒ සඳහා එකගතාව පළ කළ බව මානව හිමිකම් කොමිසම නිවේදනය කරයි. විභාගය පැවැත්වෙන කාලය තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට මානව හිමිකම් කොමිසම හා මහජන උපයෝගීිතා කොමිසම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට යෝජනා කොට ඇත.එහෙත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව එවැනි පහසුකමක් ලබා දී නොමැති බව විදුලි බල මණ්ඩලය කියයි.මේ අතර උසස් පෙළ විභාගය අවසන් වන ලබන පෙබරවාරි 17 වැනිදා තෙක් විදුලිය කප්පාදු කිරීමට කරන කිසිඳු ඉල්ලීමකට අවසර නොදෙන බවට මහජන උපයෝගිතා කොමිසම අද (27) ලංකා විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම්දී තිබේ.ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විදුලි කප්පාදුව පිළිබඳව මේ වන විට නිකුත් කර ඇති විධායනයට අනුව මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරන බව ද වැඩි දුරටත් සඳහන් කර තිබේ.

කාලීන පුවත්