එක දිගට රසික රසිකාවියන් 1,000 ක් සිප වැළඳ ගත් ලෝක ප්‍රකට ගායකයා

vinivida

එක දිගට සිය රසික රසිකාවියන් 1,000 ක් සිප වැළඳ ගත් ලෝකයේ ජනප්‍රියම ගායන ශිල්පියකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වෙනවා. ඔහු අන් කිසිවකු නොව මිලියන ගණනක් රසික රසිකාවියන් උන්මාදයට පත් කර ඇති සුප්‍රකට BTS සංගීත කණ්ඩායමේ ජින් (Jin).

පසුගිය 13 වැනි දින මෙම අපූරු සිප වැළඳ ගැනීමේ උත්සවය පැවැත්වුණේ දකුණු කොරියාවේ ජම්සිල් ක්‍රීඩා සංකීර්ණයේ යි. ජින් ගේ රසික රසිකාවියන් පෝලිමේ පැමිණෙන අයුරුත්, ජින් පිලිවෙලින් ඔවුන් සිප වැළඳ ගන්නා අයුරුත් දැක්වෙන විඩියෝ පසුගිය දිනවල මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබුණා.

මෙම අපූරු අවස්ථාව සංවිධානය කර තිබුණේ විශේෂ හේතුවක් නිසා යි. එනම් ජින් හමුදා සේවය අවසන් කර නැවත සිය සංගීත කටයුතු සඳහා අවතීර්ණ වීම සැමරීම සඳහා යි. ඔහු මේ ආකාරයෙන් සංගීත කටයුතු සඳහා එක් වන්නේ වසර එකහමාරක පමණ විරාමයකට පසුව යි. පසුගිය කාලයේ ජින් සංගීත කටයුතුවලින් ඉවත්ව දකුණු කොරියාවේ හමුදාවට බැඳී එහි සේවය කරමින් සිටි බව BTS කණ්ඩායමේ රසිකයන්ට අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි. ජින් පමණක් නොව BTS කණ්ඩායමේ සාමාජිකයන් සත් දෙනාම පසුගිය කාලයේ හමුදාවට බැඳුණා. මේ ආකාරයෙන් ඔවුන් හමුදා සේවයට එක් වූයේ දකුණු කොරියාවේ නීතියකට ගරු කරමිනු යි. එරට වයස අවුරුදු 18 ට වැඩි සියලුම නිරෝගී පිරිමින් යම් කාලයක් හමුදාවේ සේවය කළ යුතුයි. එය සාමාන්‍යයෙන් මාස 18 ක පමණ කාලයක්.

ජින් මුලින් සඳහන් කර තිබුණේ තමා රසික රසිකාවියන් 3,000 ක් දෙනා වැළඳ ගැනීමට සූදානම් බවයි. නමුත් පසුව එම සංඛ්‍යාව අඩු කර තිබුණා. වාසනාවන්ත රසික රසිකාවියන් 1,000 දෙනා තෝරාගෙන තිබුණේ ලොතරැයියක් මගින්. BTS කණ්ඩායමට නිල රසික සමාජයක් ඇති අතර එය හැඳින්වෙන්නේ ARMY යන නමිනු යි. වාර්තා වන ආකාරයට මෙහි සාමාජිකයන් ගණන මිලියන 25 කට වැඩියි.

BTS කණ්ඩායමේ සාමාජිකයන් අතරින් මුලින්ම හමුදාවට එක් වූයේ ජින්. ඒ ඔහු එම කණ්ඩායමේ වැඩිමල්ම සාමාජිකයා නිසා යි. ඔහු හමුදා සේවයට බැඳුණේ 2022 වසරේ දෙසැම්බර් මාසයේ යි. BTS කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වන ජේ-හෝප්, සුගා, ආර්එම්, ජිමින්, වී, ජන්කුක් යන අයත් ඊට පසු වරින් වර හමුදාවට එක් වුණා. 2022 දෙසැම්බරයේ හමුදාවට එක් වූ ජින් මාස 18 ක් එහි සේවය කළ අතර ජුනි 12 වැනි දින ඔහුගේ සේවය අවසන් වුණා. ජින් හමුදාවේ සේවය කර තිබුණේ සහකාර උපදේශකයකු හැටියට යි. දකුණු කොරියාව මේ වනවිට කිසිදු පාර්ශ්වයක් සමග යුද්ධයකට පැටලී නැහැ. ඒ නිසා හමුදා සෙබළුන්ට යුද පෙරමුණට යාමට සිදු වන්නේ නැහැ.

ජින් සිය රසික රසිකාවියන් 1,000 දෙනෙකු සිප වැළඳගැනීමේ අවස්ථාව සංවිධානය කර තිබුණේ ජින් සහ BTS -කණ්ඩායමේ කළමනාකරණ කටයුතු කරන සමාගම එක්ව යි. ජින් මුලින් සඳහන් කර තිබුණේ තමා රසික රසිකාවියන් 3,000 ක් දෙනා වැළඳ ගැනීමට සූදානම් බවයි. නමුත් පසුව එම සංඛ්‍යාව අඩු කර තිබුණා. වාසනාවන්ත රසික රසිකාවියන් 1,000 දෙනා තෝරාගෙන තිබුණේ ලොතරැයියක් මගින්. BTS කණ්ඩායමට නිල රසික සමාජයක් ඇති අතර එය හැඳින්වෙන්නේ ARMY යන නමිනු යි. වාර්තා වන ආකාරයට මෙහි සාමාජිකයන් ගණන මිලියන 25 කට වැඩියි.

ජින් පසුගිය බදාදා සිය රසික රසිකාවියන් සිප වැළඳ ගනිද්දී එම ක්‍රීඩා සංකීර්ණයට රැස්ව සිටි සෙසු රසික රසිකාවියන් ප්‍රීති ඝෝෂා නගන ආකාරයත්, ඇතැමුන් සතුටු කඳුළු හෙළන ආකාරයත් දැකිය හැකි වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතරින් බොහෝ දෙනකුට මෙවර ලොතරැයියෙන් වාසනාව උදා නොවූ නිසා තවත් මෙවැනි උත්සවයක් සංවිධානය කිරීමට අපේක්‍ෂා කරන බවත් සඳහන්.

BTS කෙතරම් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත් ද යත් ඔවුන් දකුණු කොරියාවට සංචාරකයන් ඇද ගන්නා ආකර්ශණයක් බවටත් පත්ව සිටිනවා. ඒ නිසා ඔවුන් දකුණු කොරියානු ආර්ථිකයට ඉතා වැදගත් දායකත්වයක් දක්වන කණ්ඩායමක් හැටියට යි සැලකෙන්නේ. එමෙන්ම ඔවුන්ගේ නිර්මාණ ලොව පුරා අලෙවි වන නිසා එයින් ද දකුණු කොරියාවට විදේශ විනිමය ලැබෙනවා.

පසුගිය කාලයේ වරින් වර හමුදා සේවයට එක් වූ BTS සාමාජිකයන් එම සේවයෙන් ඉවත් වන්නේත් වරින් වර යි. කෙසේ නමුත්, 2025 වනවිට ඔවුන් සියලු දෙනා හමුදා සේවය අවසන් කිරීමට නියමිත යි. 2022 සිටම කණ්ඩායමක් ලෙස සංගීත කටයුතු කිසිවක් නොකළ BTS කණ්ඩායම 2025 සිට නැවතත් එම කටයුතු ආරම්භ කරනු ඇති. ඔවුන් ලොව රටවල් කිහිපයක සංචාරය කරමින් සංගීත ප්‍රසංග මාලාවක් පැවැත්වීමට ඉඩ ඇති බවටත් අදහස් පළ වන අතර මේ ගැන දැනටමත් ඔවුන්ගේ රසික රසිකාවියන් නොඉවසිලිමත්ව සිටින ආකාරය දකින්න පිලිවන්. 2020 වසරේ ද ඔවුන් සංගීත ප්‍රසංග මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණත් කොවිඩ් වසංගතය නිසා එය අවලංගු කර දමන්න සිදු වුණා.

BTS කෙතරම් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත් ද යත් ඔවුන් දකුණු කොරියාවට සංචාරකයන් ඇද ගන්නා ආකර්ශණයක් බවටත් පත්ව සිටිනවා. ඒ නිසා ඔවුන් දකුණු කොරියානු ආර්ථිකයට ඉතා වැදගත් දායකත්වයක් දක්වන කණ්ඩායමක් හැටියට යි සැලකෙන්නේ. එමෙන්ම ඔවුන්ගේ නිර්මාණ ලොව පුරා අලෙවි වන නිසා එයින් ද දකුණු කොරියාවට විදේශ විනිමය ලැබෙනවා.

BTS ආරම්භ කරන ලද්දේ 2010 වසරේ යි. ඉතා කෙටි කාලයක් තුළ ජනප්‍රියත්වයේ ඉහළම හිනි පෙත්තට නැගීමට ඔවුන්ට හැකි වුණා.

නිහාල් පීරිස්

රසගඟුල