එක රටක එක නීතියක් ගැසට්ටුවත් සංශෝධනයට

එක රටක එක නීතියක් ස්ථාපිත කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායට අදාල ගැසට් නිවේදනය ද යළි සංශෝධනය කර තිබේ.අළුතින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව, අළුත් සාමාජිකයන් කිහිප දෙනෙකු ජනාධිපති කාර්ය සාධක බලකාය සදහා පත් කර තිබේ.

ඒ අනුව දෙමළ ජාතිකයන් තිදෙනෙකු එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායට එක් කර තිබේ.ඊට අමතරව, නව ගැසට් නිවේදනයට අනුව, ජනාධිපති කාර්ය සාධක බලකායේ නියමයන් ද සංශෝධනය කර තිබේ.

එක රටක එක නීතියක් යන සංකල්පය කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සදහා ශ‍්‍රී ලංකාවට ආවේණික වූ සංකල්පමය සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම – ජනාධිපති කාර්ය සාධක බලකායේ කාර්ය භාරය ලෙස අලුතින් හදුන්වා දී තිබේ.

කාලීන පුවත්