එලියන්ත වයිට් කොරෝනාවෙන් මියයයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වරයා ව සිටි සමයේ සිය ඔහුගේ පෞද්ගලික වෛද්‍ය වරයා ලෙස මාධ්‍ය මගින් අසීමාන්තික ප්‍රසිද්ධියක් ලත් ඒලියන්ත වයිට් මහතා කොවිඩ් ආසාදනයෙන් ඊයේ(22)අභාවප්‍රාප්ත වී තිබේ.කිසිදු පිළිගත් වෛද්‍ය අධ්‍යාපනයක් ලබා හෝ කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචියක් නොමැති ඒ මහතා පසුගිය කාලයේ වඩාත් ආන්දෝලනයට ලක් වූයේ ගංගා වලට මුට්ටි දැමීමෙන් කොවිඩ් පාලනය වන බවට පළ කළ මතවාදය නිසාය.තමන් සතුව කුණ්ඩලනී නම් ශක්තිය ඇතැයි වයිට් මහතා කියා සිටි අතර ඒ සම්බන්ධයෙන් විමසුම් කරන්නවුන් පවසා සිටියේ ආධ්‍යාත්මික දමනය පිණිස වන හින්දු යෝග ක්‍රමයක් වන එය වෛද්‍ය ක්‍රම හා කිසිදු සබැඳියාවක් නොමැති බවය.ඒලියන්ත වයිට් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීති අනුව අද සිදු කෙරෙනු ඇත.

කාලීන පුවත්