“එහෙනම් මම අස්වෙන්නම්” අගමැති තීරණය කරයි

පාර්ලිමේන්තුවේ 113 ක බලයක් පෙන්නුවහොත් මිස තනතුරින් ඉල්ලා අස් නොවන බව ප්‍රකාශ කොට සිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සඳුදා (09) සිය තනතුරින්ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ ඊයේ (06) රාත්‍රී පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපති වරයා කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් අගමැතිවරයා මෙසේ ඉල්ලා අස්වීමට කැමැත්ත පළකර තිබේ.අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමත් සමඟ පසුගිය දා පත් වූ කැබිනට් මණ්ඩලය ද ඉබේම අහෝසි වනු ඇත.මේ වන විට රට තුළ ඇතිව තිබෙන උග්‍ර ආර්ථික හා දේශපාලන අර්බුදයත් ,ජනතාවගෙන් එල්ල වී ඇති දැඩි විරෝධයක් හමුවේ රටේ ආර්ථික දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත.එහිදී කැබිනට් ඇමති වරුන් කිහිප දෙනකු ද ජනපති වරයාට පක්ෂව අදහස් දක්වා ඇති අතර එහි දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා අර්බුදයට විසඳුම තමා ඉල්ලා අස්වීම නම් අගමැති ධුරයෙන් ඉවත්ව විපක්ෂයට යාමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.නමුත්,ජනපති වරයා විසින් පත් කළ කැබිනට් මණ්ඩලයට අයත් නොවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු කල් ඇතිවම කියා ඇත්තේ”ගෝටා ගෝ හෝම්”යන ජනතා ඉල්ලීම අනුව මුලින්ම ඉල්ලා අස්විය යුත්තේ අගමැති වරයා නොව ජනපති වරයා බවය.

කාලීන පුවත්