එළදෙනක පටවාගෙන යන ලොරියක් පසුපස ලුහුබඳින ගවයාගේ වීඩියෝවේ පසුබිම් කතාව

vinivida

දැන් සති දෙකක් හෝ තුනක කාලයක සිට අප රටේ සමාජ ජාලවල එක් අපූරු වීඩියෝවක් සංසරණය වන්නට පටන් ගෙන තිබිණි. ඒ ඉන්දියාවේ තමිල්නාඩුවේ එළදෙනක පටවාගෙන යන කුඩා ලොරියක් පසුපස හඹා යන ගවයකුගේ වීඩියෝවකි. වීඩියෝවෙන් කියැවුණේ ඔවුන් දෙදෙනා කාලයක් එකට හැදී වැඩී ඇති බවත්, එළදෙන වෙනත් තැනැත්තෙකුට අළෙවි කරන්නට ගත් උත්සාහයේ දී එය වැළැක්වීමට ගවයා උත්සාහ කළ බවත්ය. මෙය ඉන්දියාවේ සමාජ ජාලවල ද ශීඝ්‍රයෙන් සංසරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ දෙදෙනා නැවත එක් කරන්නට හැකි වූ බව ද සඳහන්ව තිබිණි.

මංජමාලෛ ලොරිය වටා ඇවිදිමින් ලක්ෂ්මිව නැවත ඉල්ලා සිටියි

සමාජ මාධ්‍ය ඔස්සේ ඉහළ සංසරණයක් ලබා ගැනීම සඳහා ඇතැම් අවස්ථාවල දී මෙවැනි වීඩියෝ හිතා මතා නිර්මාණය කරන අවස්ථා කොතෙකුත් ඇති බැවින් මෙය සැබවින්ම සිදු වූ දෙයක්දැයි සොයා බලන විට දැනගන්නට ලැබුණේ එවැන්නක් සැබවින්ම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ සිදුව ඇති බවකි. මෙය අපේ රටේ සමාජ ජාලවල සංසරණය වන්නට පටන් ගැනුණේ ඉතා මෑත කාලයේ දී වුවත් මෙය සැබවින්ම සිදුව තිබුණේ 2020 ජූලි 13 වැනි දාය. මෙය ඉන්දියාවේ සමාජ ජාලවල මෙන්ම ප්‍රධාන පෙළේ වෙබ් අඩවිවල ද සඳහන්ව තිබිණි. මේ පිළිබඳ කර තිබූ වාර්තාවල තොරතුරුවල යම් යම් පරස්පරතාවන් පැවතියත් සොයා ගත හැකි වූ සමස්ත කතාව මෙසේය.

මංජමාලෛ ලොරිය පසූපස දිව යයි

තමිල්නාඩුවේ පලාමේඩු ප්‍රදේශයේ මුනියන්ඩි (ඇතැම් වාර්තාවල මොහුගේ නම මනිකන්දන් ලෙසින් සඳහන්ව තිබිණි) නම් තේ වෙළෙන්දෙක් මේ එළදෙනගේ හිමිකරුවා විය. ඔහු මේ එළදෙන ලක්ෂ්මි ලෙස නම් කොට තිබුණු අතර ලක්ෂ්මි සෑහෙන කාලයක සිට හැදී වැඩී තිබුණේ එම ප්‍රදේශයේ පැවති කෝවිලකට අයත් වූ මංජමාලෛ නම් ගවයා සමගිනි. තේ වෙළෙඳාමෙන් සිය ජීවිකාව පවත්වාගෙන යා හැකි තරමට මුනියන්ඩි ආදායමක් ලබා ගත්ත ද මෙය සිදු වූ 2020 වසර වන විට මුළු ලෝකයම කොවිඩ් අර්බුදයට ලක්ව තිබිණි. විශේෂයෙන් ඉන්දියාව කොවිඩි අර්බුදයෙන් දරුණු ලෙස බැට කෑ රටක් විය. මේ හේතුව මත මුනියන්ඩිගේ ආදායම ඔහුට අහිමිව ගිය අතර අකමැත්තෙන් වුව ඔහු ලක්ෂ්මි විකුණා දමන්නට තීරණය කළේය.

මංජමාලෛ ලොරිය පසූපස දිව යයි

ලක්ෂ්මි නංවාගෙන සිටි ලොරිය සුළු මොහොතකින් පිටත් වන්නට විය. සිය මිතුරිය තමාට අහිමිව යන බව තේරුම් ගත් නිසාදෝ මංජමාලෛ ලොරිය පසුපස දිව යන්නට පටන් ගත්තේය. ඔහුට ඒ හැර කරන්නට අන් කිසිවක් තිබුණේ නැත. මෙසේ කිලෝමීටරයක් පමණ ලොරිය පසුපස දිව ගියත්, ලොරියේ වේගය මංජමාලෛගේ වේගයට වඩා වැඩි විය. ලොරිය කෙමෙන් මංජමාලෛගෙන් ඈත් වූ අතර අවසානයේ ඔහුගේ දෑස් මායිමෙන් නොපෙනී ගියේය.

මංජමාලෛ ලොරිය වටා ඇවිදිමින් ලක්ෂ්මිව නැවත ඉල්ලා සිටියි

ඒ අනුව 2020 ජූලි 13 වැනි සඳුදා දිනයේ ලක්ෂ්මි රැගෙන යන්නට කුඩා ලොරි රථයක් පැමිණි අතර මුනියන්ඩි එයට ඇයව ගොඩ කරවා, ඇයට අදාල මුදල් ද ගෙන පිටත් කර හරින්නට සූදානම් වූයේය. නමුත් ලක්ෂ්මි සමග කාලයක් තිස්සේ එකට හැදුණු වැඩුණු මංජමාලෛට මේ වෙන්වීම දරා ගත හැකි බවක් නොපෙනුණි. මංජමාලෛට මෙය නතර කරන්නට හැකියාවක් නොතිබුණත් එසේ කළ හැකිදැයි සොයා බලන්නට මෙන් ලොරිය වටා ඉව කරමින් ගමන් කරන්නට විය. මුනියන්ඩිට හෝ ලක්ෂ්මිගේ අලුත් හිමිකරුට මෙය සැලකිල්ලට ගන්නට තරම් දෙයක් වූයේ නැත. ලක්ෂ්මි නංවාගෙන සිටි ලොරිය සුළු මොහොතකින් පිටත් වන්නට විය. සිය මිතුරිය තමාට අහිමිව යන බව තේරුම් ගත් නිසාදෝ මංජමාලෛ ලොරිය පසුපස දිව යන්නට පටන් ගත්තේය. ඔහුට ඒ හැර කරන්නට අන් කිසිවක් තිබුණේ නැත. මෙසේ කිලෝමීටරයක් පමණ ලොරිය පසුපස දිව ගියත්, ලොරියේ වේගය මංජමාලෛගේ වේගයට වඩා වැඩි විය. ලොරිය කෙමෙන් මංජමාලෛගෙන් ඈත් වූ අතර අවසානයේ ඔහුගේ දෑස් මායිමෙන් නොපෙනී ගියේය.

මේ පිළිබඳ තමිල්නාඩුවේ නියෝජ්‍ය මහ ඇමති ඕ. පන්නීර්සෙල්වාගේ පුත්‍රයා වූ ඕ. ජයප්‍රදීප්ට ද දැනගන්නට ලැබුණි. වහා ක්‍රියාත්මක වූ ඔහු ලක්ෂ්මිගේ නව හිමිකරු හමු වී ඔහුට සම්පූර්ණ වටිනාකම ගෙවා ලක්ෂ්මිව මිලට ගත්තේය. ඉන් පසු ඇයව කෝවිලට පරිත්‍යාග කරනු ලැබිණි. එයින් පසුව මංජමාලෛ සහ ලක්ෂ්මිට නැවත පෙර පරිදි එක්ව ජීවත් වන්නට වාසනාව හිමි විය.

මංජමාලෛ ලොරිය වටා ඇවිදිමින් ලක්ෂ්මිව නැවත ඉල්ලා සිටියි

කෙසේ වෙතත් ඒ වන විට එළදෙනක් පටවාගෙන යන ලොරිය පසුපස හඹා යන ගවයාගේ සිදුවීම කවුරුන් විසින් හෝ වීඩියෝ ගත කර සමාජ ජාලවලට එක් කර තිබිණි. ඉතා සුළු කාලයක් තුළ මෙය අතිශය ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර සමාජ මාධ්‍යවල මෙන්ම සෙසු මාධ්‍යවල ද මේ පිළිබඳ කතාබහ ඇතිවන්නට විය. අවසානයේ මේ පිළිබඳ තමිල්නාඩුවේ නියෝජ්‍ය මහ ඇමති ඕ. පන්නීර්සෙල්වාගේ පුත්‍රයා වූ ඕ. ජයප්‍රදීප්ට ද දැනගන්නට ලැබුණි. වහා ක්‍රියාත්මක වූ ඔහු ලක්ෂ්මිගේ නව හිමිකරු හමු වී ඔහුට සම්පූර්ණ වටිනාකම ගෙවා ලක්ෂ්මිව මිලට ගත්තේය. ඉන් පසු ඇයව කෝවිලට පරිත්‍යාග කරනු ලැබිණි. එයින් පසුව මංජමාලෛ සහ ලක්ෂ්මිට නැවත පෙර පරිදි එක්ව ජීවත් වන්නට වාසනාව හිමි විය. මිනිසුන්ගේ මෙන්ම මේ සතුන්ගේ මුහුණුවලින් සතුට ප්‍රකාශ නොකෙරුන ද ඔවුන්ගේ හැසිරීම්වලින් ඔවුන් තුළ නිම්හිම් නැති සතුටක් ඇති වූ බව මොනවට පැහැදිලි විය. කෝවිලට එක් වූ ප්‍රදේශවාසීහු මේ නව එක්වීම සනිටුහන් කරනු වස් හින්දු චාරිත්‍රවාරිත්‍රවලට අනුව දෙදෙනා විවාහ කරන්නට කටයුතු කළහ.

මංජමාලෛ ලොරිය වටා ඇවිදිමින් ලක්ෂ්මිව නැවත ඉල්ලා සිටියි

සතුන්ගෙන් මෙවැනි හැසිරීමක් ප්‍රදර්ශනය විය හැකිදැයි ඇතැමෙකුට ගැටලුවක් ඇතිවන්නට පුළුවන් වුවද, ආදරය, සතුට, වෙන්වීම වැනි හැඟීම් මිනිසුන්ට පමණක් ආවේණික ඒවා නොව බොහොමයක් සතුන්ගෙන් ද දක්නට ලැබෙන බව විද්‍යාඥයින් විසින් තහවුරු කොට තිබේ. විශේෂයෙන් ක්ෂීරපායි සතුන්ගෙන් මෙය දැඩිව ප්‍රදර්ශනය වන බවත් ක්ෂීරපායි නොවන රාජාලි, ඇල්බට්‍රොස් වැනි පක්ෂීන්ගෙන් ද මෙය දකින්නට ලැබෙන බවත් විශේෂයෙන් සඳහන් කළ හැකිය. අලින් අතර මෙය දැඩිව දකින්නට ලැබේ. ඔවුන්ගේ රංචුවක යම් සාමාජිකයෙක් මිය ගිය විට ඒ වෙනුවෙන් අවසන් ගෞරව දක්වන අවස්ථා පිළිබඳ වාර්තා ඕනෑ තරම් දැක ගත හැකිය. එකී රංචුවට පරිබාහිර රංචුවලින් පවා පැමිණ අවසන් ගෞරව දක්වන අවස්ථා වාර්තා වී තිබේ. එමෙන්ම රාජාලි, ඇල්බට්‍රොස් වැනි පක්ෂීන් ජීවිත කාලයම ගත කරනුයේ එක් සහකරුවෙක්/සහකාරියක සමග පමණි. මුළු ජීවිත කාලයම මෙසේ බෙදා ගන්නා මොවුන්ගෙන් එකෙකු කුමක් හෝ හේතුවකින් අහිමි වී ගියහොත් ඔවුන්ගේ සමස්ත ජීවිතයම බිඳ වැටෙන බව මොවුන් පිළිබඳ කරන ලද පර්යේෂණවලින් හෙළි වී තිබේ. එපමණක් නොව නිවෙස්වල ඇතිදැඩි කරන සුනඛයන්, බළලුන් වැනි සතුන්ගෙන් ද මේ වියෝවීමේ දුක දැඩිව පෙන්නුම් කරයි.

හින්දු චාරිත්‍රවලට අනුව මංජමාලෛ සහ ලක්ෂ්මි විවාහ කර දෙයි

තමිල්නාඩුවේ මංජමාලෛ සහ ලක්ෂ්මි ද පෙන්නුම් කළේ මිනිසුන්ට මෙන්ම සතුන්ට ද පොදු මේ ධර්මතාවයයි. කනගාටුවට කරුණ නම් මිනිසුන් වන අප මෙය තේරුම් නොගැනීමය. එසේ තේරුම් ගන්නේ නම් සතුන්ගේ ලෝකයට මිනිසුන් වන අපෙන් සිදුවන අකටයුතුකම් බොහොමයක් මගහරවා ගත හැකි වනු ඇත.

හින්දු චාරිත්‍රවලට අනුව මංජමාලෛ සහ ලක්ෂ්මි විවාහ කර දෙයි

නිරංජන් චාමින්ද කරුණාතිලක

අරුමැසි පුවත්