මේ දිනවල උඩරට සහ පහතරට සෑම එළවළු වර්ගයකම කිලෝවක සිල්ලර මිල රු. 400 -500 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තම වෙළෙඳසැල්වලට ලැබෙන බොහෝ එළවළු වැඩීම අතින් බාල තත්වයක පවතින නිසා, වෙළෙඳපොළේ පවතින එම මිලට එම එළවළු අලෙවි කරගැනීමට නොහැකි බවට වෙළඳුන් මැසිවිලි නඟති.මේ වන විටත් එළවළු වගාව කෙරෙහි සෘජුව බලපෑ ඇති පොහොර හිඟය මෙම තත්වයට හේතු වී ඇති බව වෙළඳුන් ප්‍රකාශ කරන අතර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනුයේ පසුගිය කාලය පුරා රට තුළ පැවැති අයහපත් කාලගුණය මීට හේතු වී ඇති බවයි.