කොවිඩ් ආසාදනය වීමෙන් දැනට අගනුවර පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඒලියන්ත වයිට් මහතාගේ තත්වය බරපතල අතට හැරී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවිය දරන සමයේ සිට ඔහුගේ පෞද්ගලික වෛද්‍ය වරයා වශයෙන් ප්රකටව සිටි ඒලියන්ත වයිට් මහතා කිසිදු වෛද්‍ය සභාවක ලියා පදිංචි නොවූ තමන්ටම ආවේණික ක්‍රමයකට ප්‍රතිකාර ලබා දෙන්නකු බව ප්‍රකට වූ අතර ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කොට සිටියේ තමන් සතු කුණ්ඩලනී ශක්තිය ඔස්සේ තමන්ට රෝග සුව කාරක බලයක් ලැබී ඇති බවකි.කුණ්ඩලනී යනු භාරතීය හින්දු ආධ්යාත්මවේදයට අනුව ආත්ම දමනය පිණිස යොදා ගන්නා යෝහ ක්‍රමයක් වන අතර එය ඉන්දියාවේවත් චිකිත්සක ක්‍රමයක් ලෙස භාවිතා නොකරන බවක් වාර්තා වී නැත.මේ අතර පසුගිය දිනවල ඒ මහතා මුල් කොට සුවිසල් සමාජ කතිකාවක් ඇති වූයේ ගංගා වලට මුට්ටි දැමීමෙන් කොවිඩ් වසංගතය සුවපත් වන බවට ඇති කරවන ලද විශ්වාසයකට අනුව හිටපු සෞඛ්‍ය ඇමනිනිය ඇතුළු තවත් ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද ඒ සඳහා පොළඹවා ගැනීම නිසාය