ලබන 21 වන අඟහරුවාදා අළුයම හතර තෙක් ක්‍රියාමක නිරෝධායන ඇඳිරි නීතිය ලබන ඔක්තෝබර් 01 සඳුදා අළුයම හතර තෙක් දීර්ඝ කිරීමට අද(17)රැස් වූ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කොට ඇත.පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීතිය නිසා කොවිඩ් මරණ අනුපාතය සැළකිය යුතු ලෙසින් පහත වැටීමක් පෙන්නුම් කරන බව පවසන රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කරනුයේ රට පුරා සිදු කෙරෙන පීසීආර් පරීක්ෂණ අඩු වීම මත කොවිඩ් ආසාදිතයන් සම්බන්ධ නිවැරදි දර්ශකයක් ලබා ගත නොහැකි වී ඇති බවය.