ලබන සඳුදා (09) සිට දිවයින පුරා වැසි තත්වයේ යළි වැඩි වීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එම වැසි තත්වය
13 වැනිදා දක්වා එම වැසි තත්ත්වය පැවතිය හැකි බව ද පැවසෙයි.නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දකුණු අන්දමන් දූපත් අසල කැළඹිලි ස්වභාවයක් නිර්මාණය වීම ඊට හේතුවී ඇති අතර එය වර්ධනය වෙමින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු දෙසට වයඹට බරව ගමන් කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.එමෙන්ම ඉදිරියේදී නිකුත් කරන නිවේදන මඟින් එම පද්ධතිය ගමන් ගන්නා මාර්ගය පිළිබඳ දැනුවත් කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.