ඔන්ලයින් ක්‍රමයට කිරි ඉබිබන් මසට විකුණලා

ඔන්ලයින් ක්‍රමයට මසට විකිණීම සඳහා කිරි ඉබිබන් සය දෙනෙකු ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (25) සවස අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.ජාඇල පාරිස් පෙරේරා මාවතේ පිහිටි සැකකරුගේ නිවෙස පිටුපස රහසිගතව සගවා තිබු කල්දේරමක තිබී මේ ඉබ්බන් සොයාගැනීමට හැකිවු බව පොලිසිය සදහන් කරයි.සැකකරු පදිංචිව සිටින ජාඇල ඇළ(ඌරුවල් ඔය) ඉවුරට යාබද නිවසේ සිට ඇළේ සිටින ඉබ්බන් අල්ලා මුදලට විකිණීම කාලයක් මුලුල්ලේ සිට ඔහු විසින් කරගෙන ගොස් ඇති බව වැඩිදුර විමර්ශන වලදී හෙලි වී ඇත.ඔන්ලයින් ක්‍රමයට ගැනුම්කරුවන් සම්බන්ධ කරගෙන කිලෝ එකක් බරැති කිරි ඉබ්බෙක් රුපියල් 20000 වැනි මිලකට අළෙවි කොට ඇති බව ද අනාවරණය වු බව පොලිසිය කියයි.ඉබි මස් සහ කිඹුල් මස් ආහාරයට ගැනීමෙන් කායික ශක්තිය සහ ලිංගික ශක්තිය වැඩි වන බවට පවත්නා මිථ්‍යා විශ්වාසය මුල් කොට එම මස් වර්ග මෙලෙස අධික මිල ගණන් වලට අලෙවි කිරීම් නිරන්තරයෙන් මෙම ප්‍රදේශ වල සිදු වන බවට තොරතුරු ලැබී තිබේ.අවුරුදු 45 වයසැති සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

කාලීන පුවත්