ඔන්ලයින් පනතේ සංශෝධන කිහිපයක්

පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ සංශෝධන කිහිපයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඒ අනුව අද (12) දිනයේ දී රැස්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට හෝ ලබන සතියේ රැස්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට එම සංශෝධනයන ඉදිරිපත් කරන බවයි වාර්තා වෙයි.

විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගනිමින් රජය විසින් මෙම සංශෝධනයන සිදුකිරීමට නියමත බව සඳහන්.

කාලීන පුවත්