ඔන්ලයින් පනත වෙනස් කරන්න සූදානම්

ඔන්ලයින් පනතේ මානව හිමිකම් උල්ලංඝනය වන එකම වගන්තියක් හෝ තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන පාර්ශ්ව වලින් ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

එවැනි වගන්තියක් පෙන්වා දුනහොත් පනතට සංශෝධන ගෙන ඒමට සූදානම් බව පැවසූ අමාත්‍යවරයා තමා දන්නා තරමින් මානව හිමිකම් උල්ලංඝනය වන කිසිම වගන්තියක් එහි නැතැයිද ප්‍රකාශ කළේය.

කාලීන පුවත්