ඔබට නොදැනී ඔබේ ශරීරය රෝගී වෙමින් පැවතිය හැකියි – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා 

බාහිරින් පෙනෙන හෝ ශරීරයට විශේෂයෙන් දැනෙන රෝගී තත්ත්වයක් නැතිව ඔබේ හිතවත් කෙනෙක් එක්වරම රෝගීවී ගිය අවස්ථා ඔබත් ඕනෑ තරම් දැක තිබෙනු ඇත.  මන්ද, වර්තමානය වනවිට මෙය ඉතාමත් සුලබ තත්ත්වයක් වන බැවිනි. මෙවැනි අවස්ථාවක දී එම පුද්ගලයාට මෙන්ම ඔහුගේ පවුලේ අයටත් මෙය කිසිසේත්ම විශ්වාස කළ නොහැකි තත්ත්වයක් වනු ඇත. නමුත් ඔහුටවත් නොදැනීම ඔහුගේ ශරීරය ක්‍රම ක්‍රමයෙන් රෝගී වී තිබෙන අන්දම මෙයින් වටහා ගත හැකිය.
        ඔහු සහ ඔහුගේ ශරීරය යනු එකක් නොව දෙකකි. අපි මෙය තවදුරටත් විග්‍රහ කර ගනිමු.
       ඔබ මෙලොවට බිහි වුණි.  ඉන්පසු ඔබ අධ්‍යාපනය ලැබීය. විභාග සමත් විය. ඔබට  යම් යම් හැකියාවන් ද ඇත.  මිනිස්සු ඔබ ගැන දනිති.  ඔබට බොහෝදේ මතක තිබේ. “ඔබ” ලෙසින්  හඳුන්වන්නේ මෙන්න මෙවැනි සීමිත දේවල්  ප්‍රමාණයකට බව දැන් ඔබට වැටහෙනවා ඇතැයි සිතමු.
         ඔබේ ශරීරය විසින් සමත් කරන ලද විභාගයක් නැත. ඔබ විසින් ඔබේ ශරීරය මෙහෙයවමින්  කරගත් දෙයක් මිස ශරීරය ඔබට කරන ලද දෙයක් නැත.  ශරීරය කරනු ලබන එකම දේ නම්  ඔබ විසින් කරන ලද දේවල්වල ප්‍රතිඵලයක් ලෙස හෝ  නැතහොත් සොබා දහමට අනුව රෝගී වීම සහ ක්‍රමයෙන් වියපත් වීම ය.  ඔබ මියගිය පසු “ඔබ” යන පුද්ගලයා නොමැත. නමුත් ජීවත්ව සිටින ඔබේ පවුලේ අය විසින් ඔබේ ශරීරය මිහිදන් කරන තුරු හෝ ආදාහනය කරනතුරු ඔබේ ශරීරය පවතිනු ඇත.

ශරීරය, පිළිකා හෘදයාබාධ, අංශභාග වගේ නොයෙකුත් සොයාගෙන යන්නේ එය අපේ දෙයක් නොවන නිසා ය. අපේ ශරීර අභ්‍යන්තරය සේම  බාහිර රූපයත් වෙනස් වන්නේ සහ අපට අවශ්‍ය විදිහට නොපවතින්නේ, කොටින්ම අපට අවශ්‍ය ආකාරයට නොසිට ශරීරය  තමන්ට ඇවැසි දේම කරන්නේ මෙය අපට අයත් නොවන නිසා ය. අපට  දිගටම ජීවත්වීමේ සැලසුම් තිබුණාට ශරීරයට ඒ කිසිවක් නැත.  මේ ශරීරය තුළ  අපිට අවශ්‍ය දේවල් කිසිවක් සිදු නොවේ. බඩගින්න, නිදිමත, මළමුත්‍රා කිරීමට ඇති වුවමනාව ආදී මෙකී නොකී  අවශ්‍යතාවන්  සියල්ල බොහෝවිට අපිට කරදරයකි. අධික ලෙස තරබාරු වීම, ශරීරය  කෘශවීම, වයස්ගත වන විට හම රැළි වැටීම මේ කිසිවක් අපිට වුවමනා දේවල් නොවේ. 

      මේ තවදුරටත් මෙලෙස පැහැදිලි කළ හැකිය. ඔබේ බර කිලෝ හැටක් යනු ශරීරයේ බර ය. ඔබට බරක් නැත. ඔබ එපමණටම  සැහැල්ලු ය. ඔබේ ශරීරය යනු ඔබ පදිංචි ස්ථානයයි. එය ඔබ ජීවත් ව සිටිනතාක් ඔබේ ස්ථිර පදිංචියයි. සැබවින්ම එය ඔබේ නිවස යි. ඔබ සිටින්නේ ඔබේ හිස තුළ  ඇති මොළයේ  යම් තැනක ය.  බෙල්ලෙන් පහළ අනෙකුත්  සියලු දෙය ඇත්තේ ඔබේ උදව්වට ය.  මේ සියල්ල සොබා දහමේ අඹ ගෙඩියක් වැනි තවත් නිමැවුමක් පමණි. කුඩාවට ආරම්භ වී ක්‍රමයෙන් ලොකු මහත් වී වයස්ගත වන විට දුර්වල වී සියල්ල අවසාන වෙයි. මේ ශරීරය මේ මොහොතේ, මේ දැන් වුණත්, සියල්ල නවතා දමා මිය යාමට සූදානම් ය.
        නමුත්   මිනිසුන් හැටියට අපට කරන්නට ඇති දෑ, කළ යුතු දෑ, වගකීම් සහ බලාපොරොත්තු වැඩිය. ජීවිතය පවතිනතුරුම සතුටින් සැපෙන් සිටීම අපගේ අපේක්ෂාවයි. නමුත් ඔබේ  ශරීරය මෙයට ඉඩ දෙයිද? එම ගැටලුව ඔබටත් දැනුණු අවස්ථා කොතෙකුත් තිබෙන්නට ඇත.
       මේ ශරීරය අපට ලබා දුන්නේ සොබාදහම ය. එනිසා එය අපේ දෙයක් නොවේ.
  ශරීරය, පිළිකා හෘදයාබාධ, අංශභාග වගේ නොයෙකුත් සොයාගෙන යන්නේ එය අපේ දෙයක් නොවන නිසා ය. අපේ ශරීර අභ්‍යන්තරය සේම  බාහිර රූපයත් වෙනස් වන්නේ සහ අපට අවශ්‍ය විදිහට නොපවතින්නේ, කොටින්ම අපට අවශ්‍ය ආකාරයට නොසිට ශරීරය  තමන්ට ඇවැසි දේම කරන්නේ මෙය අපට අයත් නොවන නිසා ය. අපට  දිගටම ජීවත්වීමේ සැලසුම් තිබුණාට ශරීරයට ඒ කිසිවක් නැත.  මේ ශරීරය තුළ  අපිට අවශ්‍ය දේවල් කිසිවක් සිදු නොවේ. බඩගින්න, නිදිමත, මළමුත්‍රා කිරීමට ඇති වුවමනාව ආදී මෙකී නොකී  අවශ්‍යතාවන්  සියල්ල බොහෝවිට අපිට කරදරයකි. අධික ලෙස තරබාරු වීම, ශරීරය  කෘශවීම, වයස්ගත වන විට හම රැළි වැටීම මේ කිසිවක් අපිට වුවමනා දේවල් නොවේ.
        ගෙයක් සෑදූ පෙදරේරුවකුට තමන් එය නිර්මාණය කළ ආකාරය අනුව  කොපමණ කාලයක් එම නිවස නිරුපද්‍රිතව පවතීද යන්න ගැන අවබෝධයක් ඇත. අපේ ශරීරයේ නිර්මාපකයෙක් නැත. එවැන්නෙක්  අපට සොයාගන්නටවත් නොහැකිය. පැරණි නිවසක, වහල පහත් වී තිබෙන විට  අනාගතයේ එහි අවදානමක් තිබෙන බව අපි දනිමු .  අපේ ශරීරයත් සමහර විට අමාරු කිසිවක් නොමැතිව අවදානම් සහිතව පමණක් තිබිය හැකිය. මේවා රෝග  තත්ත්වයන් මිස ශරීරයේ ඇතිවන විවිධ  අමාරුකම් නොවේ . ලෙඩ සහ අමාරු යනු දෙකක් බව ඔබට දැන් වැටහෙනු ඇත.

 වයස හතලිහ පනහ හැට  පසුකර ඉදිරියට යන විට එය කොටි වලසුන් පිරි ඝන කැලෑවක් තුළින් යන ගමනක් වැන්නකි. යමක් සිදුවුණු පසු අප බොහෝවිට සිත හදාගන්නේ  ” වෙන්න තියෙන දෙයක් වළක්වන්න බෑ” යනුවෙනි . පාරේ වාහනයක් පැදයන රියදුරෙකු  තිරිංග තද කර වෙන්න තියෙන දේවල් කීයක් නම් වළක්වන්නට ඇතිද? මේ අයුරින් වළක්වන්නට හැකි  දේවල් බොහොමයක්  වළක්වමින්  රෝගීන්ගේ ජීවිත නැවත කෙළින් කිරීම  සෞඛ්‍ය පද්ධතිය මගින් සිදු කරනු ලබයි. සමහර රෝග ඉබේ සුව වෙයි. තවත් සමහර රෝග සුව කළ නොහැකිය. නමුත් සැලකිය යුතු රෝග ගණනාවක් සුවකර ගැනීමේ හැකියාව ඇත. 

    වයස හතලිහ පනහ හැට  පසුකර ඉදිරියට යන විට එය කොටි වලසුන් පිරි ඝන කැලෑවක් තුළින් යන ගමනක් වැන්නකි. යමක් සිදුවුණු පසු අප බොහෝවිට සිත හදාගන්නේ  ” වෙන්න තියෙන දෙයක් වළක්වන්න බෑ” යනුවෙනි . පාරේ වාහනයක් පැදයන රියදුරෙකු  තිරිංග තද කර වෙන්න තියෙන දේවල් කීයක් නම් වළක්වන්නට ඇතිද? මේ අයුරින් වළක්වන්නට හැකි  දේවල් බොහොමයක්  වළක්වමින්  රෝගීන්ගේ ජීවිත නැවත කෙළින් කිරීම  සෞඛ්‍ය පද්ධතිය මගින් සිදු කරනු ලබයි. සමහර රෝග ඉබේ සුව වෙයි. තවත් සමහර රෝග සුව කළ නොහැකිය. නමුත් සැලකිය යුතු රෝග ගණනාවක් සුවකර ගැනීමේ හැකියාව ඇත.  රෝග සම්බන්ධයෙන් බලන කල  ” පොරොවෙන් කපන්නට කලින් එය  නියපොත්තෙන්ම කඩාගන්නට හැකි” වෙලාවක් ද තිබේ. ඒ, රෝග ලක්ෂණ කිසිවක්  රෝගියාට දැනෙන්නටත්  කලින් ය. රෝගය ඔඩු දුවා ඇතිනම් කළ හැකි කිසිවක් නැත. මෙසේ “නියපොත්තෙන් කඩා ගත හැකි” අවස්ථාව වන්නේ අපට වඩා ශරීරය ගැන දැනුම් තේරුම් ඇති වෛද්‍යවරයෙක් ලවා  ශරීරය පරීක්ෂා කරවා ගැනීමයි. මේ සඳහා ඔබට වෛද්‍යවරයෙකු වෙත යන්නට සිදු වෙයි. මෙහිදී
එම වෛද්‍යවරයා  විසින් ප්‍රශ්න ගණනාවක් අසා යමක් තේරුම්ගනු ඇත. ඉන්පසු ඔබගේ ශරීරය පරීක්ෂාවට ලක් කරයි. රුධිර පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ ඇතුළු තවත් සියුම් පරීක්ෂණ හරහා ශරීරය ඇතුළත  බැලීම තුළින් සියලු දේවල් හඳුනා ගනු ඇත. මේ සඳහා අවදානම් සහිත පරීක්ෂණ යොදාගන්නේ නොගැනේ. සාමාන්‍යයෙන් සිදු කරන්නේ  අද  දිනයේ  ඔබේ ශරීරය කුමන තත්ත්වයකින් පවතින්නේදැයි  යම් අදහසක් ගැනීමට  හැකි පරීක්ෂණයන් ය.
       මේ පරීක්ෂණ  සිදු කිරීමට සමහරවිට දින දෙකක් පමණ ඔබට  රෝහලක නැවතී සිටීමට සිදුවිය හැකිය. නමුත්  සම්පූර්ණ ශරීර පරීක්ෂාව හෙවත් full body checkup යනුවෙන් හඳුන්වන  මෙය රජයේ රෝහලකින් සිදුකර ගැනීමේ හැකියාවක් නැත. ඒ නිසා පෞද්ගලික රෝහලකින් මෙවැනි පහසුකමක් ලබාගැනීම  සඳහා  ඔබට යම් වියදමක්  දැරීමට  සිදුවෙයි.
        අප මේ සඳහන් කළේ සම්පූර්ණ සිරුරු පරීක්ෂාවකින් ඔබට උදා කරගත හැකි යහපත ගැන පමණි.
 කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා
විනිවිද සායනය