‘ඔබේ රටවල ජනාධිපති කාර්යාල විරෝධතා කරුවන්ට නීති විරෝධී ලෙස අත්පත් කරගත හැකිද?‘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ තානාපති වරුන්ගෙන් එසේ අසා තිබේ.ඒ ඊයේ(22) සවස කොළඹ ජනාධිපති කාර්යාලයට විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින් කැඳවා කරන ලද සුහද සාකච්ඡාවක දී ය.ඊයේ අළුයම ගාලු මුවදොර සිද්ධිය සම්බන්ධයෙන් තානාපති වරු නිකුත් කළ ප්‍රකාශ ට්විටර් සටහන් සම්බන්ධයෙන් ජනාධිපති වරයා පවසා ඇත්තේ සමාජ මාධ්‍ය වාර්තා පමණක් පදනම් කරගෙන සිදුවූ දේවල් විග්රහ කිරීම නිවැරදි නොවන බවයි.ඉදිරියේ දී ප්‍රකාශ නිකුත් කිරීමේදී කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අදාල බලධාරීන් ගේ තොරතුරු සමඟ ද සසඳා බලන ලෙස ද ජනපතිවරයා රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා තිබේ.පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගි වූ එම සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිනා මුසු මුහුණින් යුතුව තානාපති වරුන් හා පිළිසඳරේ යෙදුණු බව ද සඳහන් ය.රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට කළ ආරාධනය අනුව මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු, බ්‍රිතාන්‍ය, කැනඩා ඇතුළු මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ නිකුත් කළ තානාපතිවරුන් ද එක්ව සිටි බව වාර්තා විය.
පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගි වූ එම සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අළුයම සිදු කළ හමුදා ක්‍රියාන්විතය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික තාන්ත්‍රිකයින් දැනුවත් කරමින් පවසා ඇත්තේ අධිකරණ නියෝග අනුව ඊයේ පෙරවරු 6 වන විට විරෝධතාකරුවන්ට එම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස දන්වා තිබූ නමුත් විරෝධතාකරුවන් එය ප්‍රතික්ෂේප කර විකල්ප වේලාවක් ලබා දුන් බවත් ආරක්ෂක බලධාරීන් විසින් පිළි නොගත් බවත් ය.ඒ අනුව ආරක්ෂක අංශ විසින් තම රාජකාරී කටයුතු උදෙසා ජනාධිපති කාර්යාල පරිශ්‍රය එළි පෙහෙළි කර දුන් බව පැවසූ ජනාධිපති වරයා ‘ඔබේ රටවල ජනාධිපති කාර්යාල නීති විරෝධී ලෙස විරෝධතා කරුවන්ට අත්පත් කරගත හැකිද?‘යනුවෙන් ද සිනා මුසුව තානාපති වරුන්ගෙන් අසා ඇත.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මිත්‍ර ජාතීන්ගෙන් සහය අවශ්‍යව ඇති අවස්ථාවක, සමාජ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන පමණක් කරන මෙවන් ප්‍රකාශවලින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි සිදුවිය හැකි බැවින්, ජනාධිපති වරයා ඔවුන්ගෙන් සුහදශීලීව ඉල්ලා සිටියේ ඉදිරියේදී ප්‍රකාශ නිකුත් කරන්නේ නම්, සමාජ මාධ්‍යවල ඇති දේ පමණක් දැකීමට වඩා වැඩි විස්තර සොයා බලන ලෙසත් එසේ කරන සොයා බැලීමකදී ඕනෑම විමසීමක් පැහැදිලි කිරීමට තම බලධාරීන් ඉදිරිපත් වන බවකි.