ඔෂින් නැතත් ජීවිතය ජයගැනීමේ පාඩම යාපනයේ දරුවන් ගෙන් ඉගෙන ගන්න පුළුවන්

එදා අපේ දරුවන්ට ජීවිතය ජය ගැනීමට අවශ්‍ය ධෛර්යය ලබාදීම සඳහා ජපානයේ නිෂ්පාදිත ඔෂීන් ටෙලි නාට්‍යය පෙන්නුවත්, යාපනයේ දරුවන්ගෙන් ජීවිතය ජය ගැනීම සඳහා ඇති තරම් පාඩම් ඉගෙන ගත හැකි යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා යාපනයේ දී අද (16) පැවසීය.කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී පවත්වන ග්ලෝකල් ෆෙයාර් 2023 හි දෙවැනි දිනයේ සමාරම්භක උත්සවයට හා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය හා ශ්‍රම වාසනා අරමුදල විසින් පාසල් ළමුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීය..

කාලීන පුවත්