ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ලයි

පරිප්පු, කිරිපිටි සහ ආහාර නිෂ්පාදන ආනයනය සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඕස්ට්‍රේලියාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ඉල්ලා තිබේ.මීට පෙර ද ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දශම 5 ක ණය මුදලක් චීනයෙන් ඉල්ලා සිටි අතර ඉන් බිලියන 1 යි දශම 5 ක් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ වෙනුවෙන් වෙන් කෙරුණු අතර සෙසු ඩොලර් බිලියනය විදේශ මුදල් සංචිත ශක්තිමත් කිරීම සඳහා භාවිත කළ බව මහබැංකුව සඳහන් කොට තිබිණ.

කාලීන පුවත්