කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යයට සියල්ල සූදානම්

කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මංගල්‍යය සඳහා සියළු කටයුතු සූදානම් බව නාවික හමුදාව සඳහන් කරයි.

කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, ලබන 14 සහ 15 යන දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට අවශ්‍ය සියළු සැපයුම් මුහුදු මාර්ගයෙන් කච්චතිව් දූපත වෙත රැගෙන ඒමේ කටයුතු සඳහා නාවික හමුදා යාත්‍රා අඛණ්ඩව යොදවා තිබේ.

උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙන බවයි නාවික හමුදාව සඳහන් කරයි.

කාලීන පුවත්