කටුනායකට වහින නිසා මත්තල ගිහින්

ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ(28) පස්වරු 04.10ට ගොඩ බැස්සවීමට පැමිණෙමින් තිබූ ෆිට්ස් එයා ගුවන් සේවයේ 8 ඩී 834 දරන ගුවන් යානය පස්වරු 04.00 ට පමණ ඇදහැළුණු අකුණු ගැසීම් සහිත තද වැසි නිසා මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ එහි මගීන් 143 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටි අතර ඔවුන් රැගත් මෙම ගුවන් යානය ඊයේ පස්වරු 05.00 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවූ අතර කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය යහපත් වූ විගස මෙම ගුවන් යානය යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත යොමු කරන ලදී.

කාලීන පුවත්