මෙවර ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය ගතවූ වසර වලටත් වඩා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන බවත් එය මෙම මස 06 වන සෙනසුරාදා ආරම්භ කරන බවත් දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.ජුනි06 දායින් ඇරඹෙන පෙරහැර ලබන 21 දින මහ පෙරහැර පවත්වා 22 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පසු නිමාවට පත්වනු ඇත.මෙවර උදාවී ඇති නැකැත් අනුව දින 16 ක් පුරාවට පෙරහර පැවැත්වීම විශේෂ සිද්ධියකි.මෙවර ඇසළ මංගල්‍යය වෙනුවෙන් බැතිමතුන් අති විශාල සංඛ්‍යාවක් කතරගම පුද බිම වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන බව බස්නායක නිලමේ වරයා සඳහන් කරයි