කතරගම දේවාලයේ අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කෙරෙන සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා අපේක්ෂා කළ වේගයටත් වඩා මහජන ආධාර ගලා ඒම මත තවත් එවැනිම ගොඩනැඟිල්ලක් තැනීමේ සැලසුමක් ඇතැයි කතරගම රුහුණු මහා දේවාල ප්‍රධාන කාර්යාලයේ පරිපාලන ලේකම් අශෝක ලලිත් හීන්ගම මහතා පවසයි.පසුගිය කාලයේ කතරගම දේවාලයට ලැබුණු පවුම් තිස් අටක රන් තැටියක් එහි ප්‍රධාන කපුවා විසින් අස්ථාන ගත කිරීම සහ කතරගම දේවාලයට ලැබෙන රන් රිදී ආදී වටිනා දේ කපුවන් ගේ පෞද්ගලික පරිභෝජනයට යොදා ගන්නා බව ඔහු විසින් මාධ්‍ය හමුවේ පවසා හිඳීම හේතුවෙන් මේ වන විට බැතිමතුන් පූජා වට්ටි මත තබා වටිනා දේ කපුවන් අතට පත් කිරීම බොහෝ දුරට සීමා කොට ඇතැයි දේවාලය සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඉහත සඳහන් ආකාරයට මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කෙරෙන සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා බැතිමති ගේ ආධාර අඛණ්ඩව ලදහොත් මහරගම අපේක්ෂා රෝහලේ තදබදය මුළුමනින් දුරු වී එහි සේවාවන් වඩාත් ප්‍රශස්ථ මට්ටමකට පත් කළ හැකි වෙතැයි රෝහල් පාලනාධිකාරිය දන්වා ඇතැයි ද කතරගම දේවාල ආරංචි මාර්ග සඳහන් කරයි.