කතරගම කපුවන් හොරකම් කළ පවුම් 38ක රත්රන් තැටිය අදටත් සොයාගෙන නෑ

කතරගම කපුවන් හොරකම් කළ පවුම් 38ක රත්රන් තැටියක අදටත් සොයාගෙන නෑ කතරගම දේවාලයේ කපුවන් විසින් හොරකම් කරන ලද පවුම් 38ක රත්රන් තැටියක් අදටත් සොයාගෙන නැති බවත් ඊට වරදකාරයෙක් නැති බවත් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි.කතරගම දේවාලයේ පූජා වට්ටිවලට තබන මුදල් දේවාලය සංවර්ධනයට රුපියලක්වත් නොලැබෙන බවද පවසන ඔහු දේවාලයේ යතුර තැබිය යුත්තේ බස්නායක නිලමේ වරයා භාරයේ වුවත් කපුවන් එය තමන්ට භාර නොදෙන බවට ද ඔහු චෝදනා කරයි.ඔහු මෙම අදහස් පළ කොට ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

කාලීන පුවත්