කතරගම චූටි කපුවාට ඇප;මහ කපුවා හැංගිලාලු

ඉන්දියාවේ දී මිය ගිය බව පැවසෙන අංගොඩ ලොක්කා නමැති අපරාධකරුගේ බිරිය විසින් සිය දරුවාගේ අපලයක් සඳහා බාරයක් ලෙස රුහුණු කතරගම දේවාලයට පූජා කළ රන් පවුම් 38ක් බරති රන් තැටිය අතුරුදන්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිය දී කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (19) භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් කතරගම දේවාලයේ ගබඩාභාරකරු වන සමන් ප්‍රියන්ත (චූටි කපූවා) නමැති අය තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත් තරිදු ද සිල්වා මහතා නියෝග කළේය.සෑම ඉරු දිනකම කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසද මෙහි දී මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කරන ලදි.මෙම සැකකරුට අමතරව අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින කතරගම දේවාලයේ ප්‍රධාන කපු රාළ වන සොමිපාල රත්නායක නමැති අය මේ වන විට සැඟවී සිටින බව පොලිසිය කියයි.

 

 

කාලීන පුවත්