කතානායකට කතානායකකම පැටලිලා!

ඊයේ (12) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා අගමැති හරිනි අමරසූරියමෙනෙවිය වෙතින් දේශපාලඥයන් පාසල් වල උත්සව සඳහා සහභාගී කර නොගැනීම වෙනුවෙන් අධ්‍යාපන බලධාරින්ට දැනුම්දී ඇති නීතිය දැන් වෙනස්වී ඇත්ද? එය බලපාන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට පමණ ද සහ අශෝක රන්වල මහතා පාතේගම පාසලේ උත්සාහයකට සහභාගීව ඇත්තේ කෙසේද යනුවෙන් විමසූ අවස්ථාවේ එවැනි නීතියක් නොමැති බවට අග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබා දී තිබේ.එවිට කතානායක ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියේ” කතානායකවරයා එම උත්සවය සඳහා සහභාගි වී ඇත්තේ ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා ලෙස මිස දේශපාලන පක්ෂයක නියෝජිත ලෙස නොවේ”යනුවෙනි.නමුත් එවිට මන්ත‍්‍රීවරයා ට පෙන්වා දී ඇත්තේ අශෝක රන්වල මහතා මේ වන විට හිටපු කතානායකවරයා මිස ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වන කතානායකවරයා නොවන බවයි.එමෙන්ම දේශපාලකයන් පාසල් උත්සව වලට ගෙන්වීම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය වරිය 2024 සැප්තැම්බර් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් ට උපදෙස් දී තිබූ අතර එය පදනම් ව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය මඟින් නිවේදනයක් ද නිකුත් කොට තිබේ.

කාලීන පුවත්