කතුන්ට සිදුවන අසාධාරණය සළකා කාති උසාවි අහෝසි කරන්න

කාන්තාවන්ට සිදු වන අසාධාරණය පිළිබඳව සළකා කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වු මොහොමඩ් සුබායිර් මහතා “එක රටක් එක නීතියක්” සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි. මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝ කාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක මෙම ඉල්ලීම කරන බව ද ඔහු කියා සිටී. “එක රටක් එක නිීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ සුබයිර් මහතා මෙම ඉල්ලීම කර ඇත. තමන් ස්වේච්ඡාවෙන් අදහස් ලබාදිමට පැමිණි බවත් අධිකරණ ක්ෂේත්‍රයේ වසර හතලිහක සේවා කාලයේ දී ලද කනගාටුදායක අත්දැකීම් සිහිපත් කරමින් ඔහු මෙම ඉල්ලීම කරන බවත් මොහොමඩ් සුබායිර් මහතා කීය. මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සහ බහු විවාහ මෙන්ම ආගම කොටස්වලට බෙදා ගෙන සංවිධාන පිහිටුවිම තහනම් කළ යුතු බවද ඔහු ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ අවධාරණය කළේය. “එක රටක් එක නිීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය හමුවේ අදහස් ප්‍රකාශ කිරීමට කැමති ඕනෑම අයකුට පහත සඳහන් දුරකථන අංකයට ඇමතීමෙන් දිනයක් හා වේලාවක් වෙන්කරවා ගත හැක. තැපැල් හෝ විද්‍යුත් තැපෑලෙන් ද අදහස් දැක්විය හැකි බව කාර්ය සාධක බලකායේ ලේකම්/ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පැවසුවාය. කාර්යාල දුරකථන අංකය: – 011 2691775. කාර්යාල ලිපිනය – කාමර අංකය: 3G-19, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH), බෞද්ධාලෝක මාවත, කොළඹ 07. විද්‍යුත් තැපෑල: ocol.consultations@g

කාලීන පුවත්