“කතෝලික පල්ලිය ජාත්‍යන්තර සංවිධානයක්” කාදිනල් හිමිපාණෝ රජයට අනතුරු අඟවති

“කතෝලික පල්ලිය ජාත්‍යන්තර සංවිධානයක්. අපිට ලෝකේ පුරා සම්බන්ධතා තියෙනවා. අග රදගුරු කෙනෙක් හැටියට මට තවත් සහෝදර අග රදගුරුවරු ඉන්නවා; බලවත් රටවල්වල'”අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයට මෙසේ අනතුරු අඟවන ලද්දේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විසඳුමක් නැති බව අවධාරණය කරමිනි.පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ ජාත්‍යන්තර සමුළුව විසින් සංවිධානය කරන ලද සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය සාකච්ජාවක් අමතමින් කාදිනල් හිමියන් මේ බව කීහ.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශීය වශයෙන්ම කිසිවක් සිදු නොවීමත් සමස්ත නීති පද්ධතියම පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ නිර්දේශ පිළිබඳව සලකා නොබැලීමත් මත ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විසඳුමක් නොමැති බව බව අවධාරණය කළ උන් වහන්සේ මෙසේ ද කීහ.
“අපි පුළුවන්තරම් උත්සහා කළා; අපේ රට තුළ දීම මේ ප්‍රශ්නය විසඳලා අපේ ජනතාවට යුක්තිය ඉටු කරන්න. හැබැයි ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ඒක නිසා අපිට දැන් ජාත්‍යන්තරයට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ. අපි මේ ගැන සකලා බලනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නෙවෙයි අපිත් සමඟ සම්බන්ධතා තියෙන බලවත් රට වල්වලටත් යනවා.කතෝලික පල්ලිය ජාත්‍යන්තර සංවිධානයක්. අපිට ලෝකේ පුරා සම්බන්ධතා තියෙනවා. අග රදගුරු කෙනෙක් හැටියට මට තවත් සහෝදර අග රදගුරුවරු ඉන්නවා; බලවත් රටවල්වල.ඒ හින්දා අපිට ඒක කරන්න පුළුවන්”

කාලීන පුවත්