මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගයෙන් පීඩා විඳින දරුවන් උදෙසා මහල් හතරකින් යුක්ත ගොඩනැගිල්ලක් ඉදි කෙරෙමින් පවතී. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන්නේ රජය හෝ විදෙස් සංවිධානයක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් හෝ නොව කතරගම මහා දේවාලය මගින් පවත්වාගෙන යනු ලබන ‘කදිරදේවාපේක්ෂා’ අරමුදලිනි. පසුගිය වසරේ අගභාගයේ දී මෙහි වැඩකටයුතු ආරම්භ කරන ලද අතර තව නොබෝ දිනකින් සියලු පහසුකම් සහිතව එය ජනතාව අතරට පත් කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා පවසයි. මෙය විවෘත කොට ජනතා අයිතියට පවරා දෙන දිනයේම අපේක්ෂා රෝහල වෙනුවෙන් තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කරන බව ද ඔහු සඳහන් කරයි. කතරගම දේවාලය මගින් මේ සා අධික මුදලක් වැය කරමින් පිළිකා රෝගයෙන් පීඩා විඳින කුඩා දරුවන් වෙනුවෙන් පහසුකම් සපයන්නට විශේෂ හේතු කිහිපයක්ම තිබේ. එයින් එකක් වන්නේ ලංකාවේ දේවාල අතරින් අතිමහත් ආදායමක් ලබාගන්නා කතරගම දේවාලය එම මුදලින් සිදු කරන්නේ මොනවාද යන්න පිළිබඳ අසන ප්‍රශ්නවලට පිළිතුරක් සැපයීමක් වශයෙනි. එමෙන්ම කතරගම දේවාලයට පූජා කරන ලද අධික වටිනාකමක් සහිත රන්තැටියක් අතුරුදහන් වීම පිළිබඳ පැවති ආන්දෝලනාත්මක තත්ත්වයයි. අනෙක එහි බස්නායක නිලමේවරයා සහ කපුරාළලා අතර පැවති මතභේදාත්මක තත්ත්වයයි. එයට ලැබෙන පුද පඬුරු කපුරාලලාගේ සුඛ විහරණයට ලබා ගන්නා බවට හෙළි වීමත් සමග දේවාලයට පුද පඬුරු නොදී ඒ මුදල් අපේක්ෂා රෝහලට ලබාදෙන්නැයි සමාජ මාධ්‍ය ඔස්සේ කතරගම දෙවියන් විසින්ම ඉල්ලා සිටින ආකාරයේ පණිවිඩ ද පැතිර යාම ද මෙවැනි කාරණයට මුල් වන්නට හේතුවූයේ යැයි සිතිය හැකිය.
තිරුපති දේවාලය තම ආදායමින් එය පිහිටි ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 2.5 ක් ලබා දෙයි. එයට අමතරව සමාජ සුබසාධන වැඩසටහන් ගණනාවක් මනා කළමනාකාරිත්වයක් යටතේ එහි පරිපාලනය විසින් පවත්වාගෙන යයි. තිරුපති දේවාලය මගින් වෘත්තීමය මට්ටමේ විද්‍යාල 6 ක්, කණිෂ්ට, උසස්, සහ මූලික අධ්‍යාපනය ලබා දෙන වශයෙන් වර්ගීකරණය ලද පාසල් 13ක් තිරුපති අවට පවත්වාගෙන යයි. එමෙන්ම තිරුපති කෝවිල් අරමුදලින් නවදිල්ලියේ විශ්වවිද්‍යාලයක් ද පවත්වාගෙන යනු ලබයි.
සැබවින්ම අධික ආදායම් ලබන ආගමික ස්ථානවලින් ජනතා සුබසාධන කටයුතු අපේ රටේ විධිමත් අන්දමින් සිදු නොවුනද ලෝකයේ වෙනත් රටවල, විශේෂයෙන් ඉන්දියාවේ සිදු වන බව සඳහන් කළ යුතුය. උදාහරණයක් ලෙස ඉන්දියාවේ අධිකතම ආදායමක් ලබන තිරුපති දේවාලය පිළිබඳ සඳහන් කළ හැකිය. බැතිමත්හු එයට වාර්ෂිකව පුද පඬුරු වශයෙන් කෝටි ගණනක මුදලක් පරිත්‍යාග කරති. තිරුපති දේවාලය තම ආදායමින් එය පිහිටි ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 2.5 ක් ලබා දෙයි. එයට අමතරව සමාජ සුබසාධන වැඩසටහන් ගණනාවක් මනා කළමනාකාරිත්වයක් යටතේ එහි පරිපාලනය විසින් පවත්වාගෙන යයි. තිරුපති දේවාලය මගින් වෘත්තීමය මට්ටමේ විද්‍යාල 6 ක්, කණිෂ්ට, උසස්, සහ මූලික අධ්‍යාපනය ලබා දෙන වශයෙන් වර්ගීකරණය ලද පාසල් 13ක් තිරුපති අවට පවත්වාගෙන යයි. එමෙන්ම තිරුපති කෝවිල් අරමුදලින් නවදිල්ලියේ විශ්වවිද්‍යාලයක් ද පවත්වාගෙන යනු ලබයි.
විවිධ පර්යේෂකයන්ට උපකාරයක් වශයෙන් ලෝකයේ පවතින ඉතා වටිනා සහ දුර්ලභ පතපොත ලක්ෂ ගණනකින් සමන්විත පුස්තකාලයක් සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් තිරුපති අරමුදලින් ඉදි වී තිබේ. වැඩිහිටි නිවාස, ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පාසල් සහ සුබසාධන නිවාස, වැඩිහිටි නිවාස, ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථාන, ජලය සහ වනාන්තර සුරැකීම පිණිස පර්යේෂණ මධ්‍යස්ථාන, වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථාන ආදී වශයෙන් වූ සුබසාධන කාර්යයන් තිරුපති අරමුදලෙන් නඩත්තු වෙයි.
ලොව පුරා ඉතා ඉහළ ආදායම් ලබන ආගමික මධ්‍යස්ථාන බොහොමයක් ඒවා ලබන ආදායම පෙරළා මිනිසුන්ගේ සුබසාධනය උදෙසා වෙන්කරන වැඩසටහන් බොහොමක් සිදුකෙරෙන බව සඳහන් කළ යුතුය. දෙවියන්ට පින් අනුමෝදන් කළ විට දෙවියන් මිනිසුන්ට පිහිට වන බැව් අපි අසා ඇත්තෙමුු. මිනිසුන්ට සුබසාධනයක් සිදු වන්නේ නම් එය සැබවින්ම දෙවියන්ගේ පිහිට වීමකි. කතරගම දේවාලයේ ‘කදිරදේවාපේක්ෂා’ අරමුදලින් මේ සිදු කොට ඇත්තේ අපේ රටේ සෙසු ආගමික ස්ථානවලට පූර්වාදර්ශයක් සපයමින් පුරෝගාමී සද්කාර්යයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
එපමණක් නොව තිරුපති අරමුදලෙන් ඉන්දීය රුපියල් කෝටි 550 ක් වැයකරමින් දරුවන් වෙනුවෙන් සියලු පහසුකම් සපිරි රෝහල් පරිශ්‍රයක් ද ඉදිකොට තිබේ.
ඉන්දියාවේ තවත් අධික ආදායම් ලබන ආගමික ස්ථානයක් වන්නේ සත්‍ය ශ්‍රී සායි බාබා ආශ්රමයයි. 1972 වසරේ දී මේ ආශ්‍රමය මගින් ආරම්භ කරන ලද ‘ශ්‍රී සත්‍ය සායි මධ්‍යම අරමුදල’ මගින් පානීය ජලය, සෞඛ්‍යය සහ අධ්‍යාපනය සම්බන්ධව ව්‍යාපෘති ගණනාවක්ම පවත්වාගෙන යනු ලබයි. උසස් වෛද්‍ය විද්‍යාව සම්බන්ධව ශ්‍රී සත්‍ය සායි ආයතනය 1991 වසරේ දී ඉන්දීය අගමැතිවරයා අතින් විවෘත විය. ඊට අමතරව මේ අරමුදල මගින් ඉහළම පහසුකම්වලින් සපිරි රෝහල් දෙකක් ඉදිකොට පවත්වාගෙන යයි. මේවා රෝහල් පමණක් නොව වෛද්‍ය පර්යේෂණ කටයුතු කිරීමේ සියලු පහසුකම්වලින් යුක්ත ආයතනයන් ය. 1954 දී 1976 දී ඉදි කරන ලද මේ රෝහල්වලට අමතරව 2004 දී මේ අරමුදල මගින් ශ්‍රී සත්‍ය සායි ජංගම රෝහල් සේවයක් ද ආරම්භ කරන ලදී. වෛද්‍ය පහසුකම් නොලැබෙන දිළිඳු ජනතාව වෙසෙන ප්‍රදේශ සොයා ගොස් ඒවායේ නැවතී අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දීම මේ රෝහල් සේවය මගින් සිදු කෙරේ. මීට අමතරව ප්ලාස්ටික් ශල්‍යකර්ම මධ්‍යස්ථාන, කොවිඩ් සමයේ දී ඒ සඳහා වෙන් වූ විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන ආදිය පවා ශ්‍රී සත්‍ය සායි අරමුදල මගින් ආරම්භ කරන ලදී.
මේ ආකාරයට ලොව පුරා ඉතා ඉහළ ආදායම් ලබන ආගමික මධ්‍යස්ථාන බොහොමයක් ඒවා ලබන ආදායම පෙරළා මිනිසුන්ගේ සුබසාධනය උදෙසා වෙන්කරන වැඩසටහන් බොහොමක් සිදුකෙරෙන බව සඳහන් කළ යුතුය. දෙවියන්ට පින් අනුමෝදන් කළ විට දෙවියන් මිනිසුන්ට පිහිට වන බැව් අපි අසා ඇත්තෙමුු. මිනිසුන්ට සුබසාධනයක් සිදු වන්නේ නම් එය සැබවින්ම දෙවියන්ගේ පිහිට වීමකි. කතරගම දේවාලයේ ‘කදිරදේවාපේක්ෂා’ අරමුදලින් මේ සිදු කොට ඇත්තේ අපේ රටේ සෙසු ආගමික ස්ථානවලට පූර්වාදර්ශයක් සපයමින් පුරෝගාමී සද්කාර්යයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. අපේ රටේ ඉතා ඉහළ ආදායමක් ලබන තවත් ආගමික ස්ථාන කොතෙකුත් තිබේ. මේ සියල්ලට අරමුදල් ලැබෙන්නේ මිනිසුන්ගෙනි. මිනිසුන් මේ විහාරස්ථාන, දේවාල, කෝවිල්, දේවස්ථාන ආදී සියල්ලට ආධාර ලබා දෙන්නේ එකී ස්ථානවල වැඩ සිටින්නේ යැයි විශ්වාසයේ පවතින දෙවියන් උදෙසා ය. එකී දෙවියන්ගේ පිහිට අපේක්ෂා කරගෙනය. එකී අරමුදල්වලින් කොටසක් නැවත මිනිසුන්ගේ සුබසාධනය පිණිස මෙසේ වෙන් කරන්නට ගන්නා තීරණය සැබවින්ම අගය කළ යුත්තකි. එය තුළ පවතින්නේ තමා පිහිට පතාගෙන එන බැතිමතුන්ගේ අපේක්ෂාවන් දෙවියන් විසින්ම යථාර්ථයක් බවට පත්කීරීමක් නොවේද?
නිරංජන් චාමින්ද කරුණාතිලක