මේ දිනවල රටේ පවතින ඉන්ධන හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් රාජකාරී ස්ථානය වෙත වාර්තා කිරීම ප්‍රමාණවත් බව රජය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.එය රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින පසුගාමී තත්වයක් සේ බොහෝ දෙනකුට පෙනුණ ද ඇත්ත කතාව එය නොවේ. අත්‍යවශ්‍ය සේවා හැර සෙසු රාජකාරී සේවා නිවසේ සිටම ක්‍රියාත්මක කිරීමේ නව ක්‍රමවේදය ලෝකය විසින් හදුන්වා දෙනු ලැබුණේ මීට වසර දෙක හමාරකට පමණ ඉහතදී ය. ඒ COVID වසංගතය හේතුවෙනි. COVID වෛරසය විසින් ලක්ෂ ගණනාවක් වූ ජීවිත ක්ෂණයකින් විනාශයට පත් කළ ද COVID නිසා ලෝකයට විවර වූ නව මාර්ගයක් ලෙස එය හදුන්වා දිය හැකිය. එය අපි Hybrid Workplace ලෙස හදුන්වමු. එකිනෙකා සමීපව සිටීම පවා මාරාන්තික වෛරසයක ව්‍යාප්තිය කෙරෙහි බලපෑ යුගයක නිවසේ සිට කාර්යාලයේ වැඩ කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීම මෙම දෙමුහුන්එය රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ පවතින පසුගාමී තත්වයක් සේ බොහෝ දෙනකුට පෙනුණ ද ඇත්ත කතාව එය නොවේ. සේවාවේ මූලිකාංගයයි.
වර්තමානයේ පශ්චාත් COVID ලෝකය තුළ වුව ද, සේවකයින් පූර්ණ කාලීනව නැවත කාර්යාලයට ගෙන්වා ගැනීමට උනන්දු නොවී දුරස්ථ වැඩ සඳහා රුචිකත්වයක් ඇති කර ගැනීමෙන් සේවක තෘප්තිය ද සමග කාර්යක්ෂ්මතාව ද වර්ධනය කර ගත හැකි බව මේ පිළිබද විද්වතුන්ගේ මතයයි.
Hybrid Workplace ස්ථානයක සේවකයින් සාමාන්‍යයෙන් වැඩි ස්වාධිපත්‍යයක් සහ වඩා යහපත් ලෙස සිය රාජකාරී කටයුතු සහ ජීවිත සමතුලිතතාවයක් භුක්ති විඳිති. මේ නිසාම එය වඩාත් ඵලදායී, සෞඛ්‍ය සම්පන්න, ස්ථාවර ශ්‍රම බලකායක් ගොඩ නංවා ගැනීමට හැකියාව ඇති කර සේවා යෝජකයන්ට ප්‍රතිලාභ ලබා දේ. කෙසේ වෙතත් Hybrid Workplace යනු සියලු සේවා ස්ථානවලට අභියෝග සඳහා සරල සූත්‍රයක් හෝ කෝකටත් තෛලයක් නොවන බව සිහිතබා ගත යුතු ය.
ඇමරිකානු සමීක්ෂණය ආයතනයක් මගින් දුරස්ථ රාජකාරියේ යෙදෙන සේවකයන් යොදා ගනිමින් සිදු කරනු ලැබූ සමීක්ෂණයකින් හෙලි වූයේ වත්මන් දුරස්ථ සේවකයින්ගෙන් සියයට හතළිස් දෙකක් තම වත්මන් සේවා සමාගම දිගු කාලීනව දුරස්ථ වැඩ විකල්ප ලබා නොදෙන්නේ නම්, ඔවුන් එසේ රාජකාරී කළ හැකි වෙනත් සමාගමක රැකියාවක් සොයා ගැනීමට උනන්දු වන බවයි. ඉහත සමීක්ෂණ ප්‍රධානී ආචාර්ය ගාට්නර් වැඩිදුරටත් සදහන් කර ඇති පරිදි , සාමාන්‍ය ආයතනවල සේවකයින් සතියකට පැය 40 ක් කාර්යාලයට පැමිණ රාජකාරිවල නිරත වූ විට මාසයක් අවසානයේ ලද කාර්ය සාධනය 36% ක් වූ අතර එම ආයතනයම Hybrid Workplace ක්‍රමය යොදා ගනිමින් මාසයක් පුරා සේවා ලබා ගැනීමෙන් පසු සේවකයින්ගෙන් 55% ක ඉහළ කාර්ය සාධනයක් ළගා කර ගැනීමට හැකි වූ බව නිරීක්ෂණයට ලක් විය.
මෙහි ඵලදායිතාව ඉහළ නැංවීම සදහා සාධක ගණනාවක් දායක වී තිබේ. වැඩ කරන වේලාව සහ ස්ථානය තෝරා ගැනීම සඳහා ස්වාධීනත්වය වැඩි කිරීම, කාර්යාලයට වඩා නිවසේ බාධා කිරීම් අඩුවීම, නිවස සහ කාර්යාලය අතර එහා මෙහා ගමන් කිරීමේ කාලය අඩුවීම සහ පුද්ගල සහයෝගීතාවය මේ සදහා දායක වන බව ආචාර්ය ගාට්නර්ගේ මතයයි.
එපමණක් ද නොව, සමාගම් ඔවුන්ගේ දේපළ වෙළඳාම් උපාය මාර්ග සහ කාර්යාල අවකාශය අඩු කිරීමට හෝ ඔවුන්ගේ කාර්යාල කුඩා නගරවලට ගෙන යාමට හැකිවීම ඔවුන්ගේ පිරිවැය ද අඩු කර ගැනීමට මං සළසා තිබේ.
Hybrid Workplace ආකෘතිය සාධනීය වෙනස්කම් රැසකින් යුක්තය. ඒවා දුරස්ථ සේවකයින් සහ ස්ථානීය සේවකයින් සමඟ මනාව ඒකාබද්ධ කරයි, දුරස්ථ රාජකාරියේ යෙදෙන සියලුම සේවකයින්ට ඔවුන් වැඩ කරන ස්ථානය සහ දිනය තෝරා ගැනීමට නිදහසක් තිබේ. අවශ්‍ය නම් කාර්යාලයේ සේවයට පැමිණෙන දිනය, කණ්ඩායම් වශයෙන් හෝ අවශ්‍ය පරිදි වෙන් කළ හැකිය. ආචාර්ය ගාට්නර් පවසන්නේ වැඩ කරන්නේ කොතැනද සහ කවදාද යන්න තමන් විසින් තීරණය කරනු ලැබීමෙන් ඉහළම ඵලදායිතාවක් සහ මානසික තෘප්තිමත් බවක් කරා ළගාවීම අනිවාර්ය බවය.
මේ පිළිබදව මත ප්‍රකාශ කර ඇති මනෝ වෛද්‍යවරුන් පවසන්නේ රැකියාවේ පවතින වැඩි නම්‍යශීලීභාවය සහ ස්වාධීනත්වය, සේවකයාගේ රැකියා තෘප්තිය සහ සතුට වැඩි කරන බවත්, එමඟින් රැකියාවේ කාර්ය සාධනය මෙන්ම සමස්ත සේවක යහපැවැත්ම වර්ධනය වීම සදහා ද එය ඉවහල් වන බවත් ය. මීට අමතරව වසංගත ආශ්‍රිත සෞඛ්‍ය අවදානම් අවම කිරීමට ද මෙකී තාක්ෂණයට හැකියාව තිබේ. උදාහරණයක් ලෙස “ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් (IoT) සංවේදකවලට පදිංචිය සීමා කිරීම සඳහා ගොඩනැගිල්ලක සිටින පුද්ගලයින් සංඛ්‍යාව ගණනය කළ හැකිය. මේ පිළිබදව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ෆෝබ්ස් සඟරාවේ අදහස වන්නේ ස්වයංක්‍රීය සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක කිරීමට ද මෙය මනා පිටිවහලක් බව ය.
දුලංජලී මුතුවාඩිගේ