ශ්‍රී පාද රක්ෂිතයේ සිට මස්කෙළිය, නල්ලතන්නිය,ගිනිගත්හේන ආදී ප්‍රදේශ වලට රාත්‍රී කාලවල පැමිණෙන දිවියන් මදු අවටා අල්ලා සම් ඉවත් කර ගැනීමේ රහසිගත ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.මේ දිනවල රට තුළ පවත්නා ආර්ථික අර්බුදය,නල්ලතන්නි වන ජීවී කාර්යාලයේ ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොවීම සහ නල්ලතන්නි පොලිස් නිලධාරීන් මාර්ග බාධක වල රාජකාරී සඳහා යෙදවීම වැනි හේතූන් මත මෙම අපරාධ කරුවන්ට මේ සඳහා ඉඩ කඩ ලැබී ඇතැයි කියනු ලැබේ. මෙම දිවි සම් අතරමැදියන් හරහා ගැනුම් කරුවන් වෙත අලෙවි කෙරෙන බව ද පැවසෙයි.ශ්‍රී ලංකා දිවියා(Panthera pardus kotiya)යන නමින් හැඳින්වෙන මෙම දිවි උප විශේෂය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වන අතර දැනට මුළු දිවයිනේ සිටින සමස්ත දිවියන් ගේ සංඛ්‍යාව අට සියයකටත් අඩු බව පැවසෙයි. මේ අතර ශ්‍රී ලංකා දිවියා වඳ වීමේ තර්ජනයට ලක්විය හැකි සතෙකු ලෙස පසුගිය වසරේ ජ්‍යාත්‍යන්තර සොබා සංසදය(IUCN) ද අනතුරු අඟවා තිබේ.