වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ (03) තීරණය කළ ද සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවයි එම සමාගම් පවසයි.
මේ අතර කර්මාන්තවල අවශ්‍යතාවයන් සඳහා සහ ආදාහනාගාර වල භාවිතය සඳහා ගෑස් නිකුත් කිරීමට අවසර දී ඇති බවක් පාරිභෝගික සේවා කටයුතු අධිකාරිය පවසයි.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ ගෑස් ආශ්රිත පිපිරීම් හා ගිනිගැනීම් නිසා උද්ගතවූ තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.