කලා වැවට නාමල් උයනට ආභරණයක් වූ භරණ ඇතා අභිරහස් ලෙස මිය යයි;මරණයට හේතුව විදුලි සැර වැදීමක්

කලාවැව ජාතික වනෝද්‍යානයේ ජාතික නාමල් උයන සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගෙන සිටි දිවයිනේ දැනට ඉතිරිව සිටින යෝධ ඇතුන් කිහිප දෙනාගෙන් එක් ඇතකු වන වන “භරණ” අභිරහස් ලෙස මියගොස් ඇත.ගල්කිරියාගම ජාතික නාමල් උයන රක්ෂිතයේ තිබී දළ ඇතාගේ මළ සිරුර මීට අද ගල්කිරියාගම වනජීවී නිලධාරීන්ට හමුවී තිබේ.

අද(26) අලුයම අසාමාන්‍ය හේතුවක් මත භරණ ඇතා මිය යන්නට ඇති බවට හා මෙය සැලසුම් සහගත ලෙස විදුලි රැහැන් අටවා කළ මරණයක් බවට අනුමාන කෙරේ.මෙම ඇතාගේ මරණය සම්බන්ධයෙන් ගල්කිරියාගම වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ සහ ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මූලික පරීක්ෂණ පවත්වන අතර මෙම ඛේදනීය පුවත ඇසූ කලාවැව ජාතික වනෝද්‍යානය නාමල් උයන අවට ගම්මාන වල ජනතාව මහත් කම්පනයකට පත් ව හිඳින බව ද වාර්තා වෙයි වයස අවුරුදු 35ක පමණ වයසකින් යුතු භරණට වන අතර අඩි හතරකට ආසන්න දිගකින් යුතු යුත් දළ යුගලයක් ඇත.

කාලීන පුවත්