නීතිය හා කවිත්වය අතර එකි`නෙක කෙලෙස එක් කළ හැකිද?යන කරුණ සම්බන්ධයෙන් විමසුමක් කරද්දී ඇතැම් විට ඊට පැහැදිලි පිළිතුරක් නොතිබෙන්නත් පුළුවන්.නමුත් එක්තරා ලෙසකින් දෙලොවක් ලෙස නම් කළ හැකි ඒ ක්ෂේත්‍ර දෙක සම්බන්ධ කිරීමේ ප්‍රතිභා ගුණය සහිත සීමිත පිරිසක් ද අප සමාජයේ දැකිය හැකියි.ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක සේම පෞද්ගලික විශ්ව විද්‍යාලයක නීති පීඨාධිපතිනියක ලෙස ද කටයුතු කරන නීතිඥ කාංචනමාලා ගීකියනගේ එවන් දුලබ ප්‍රතිභාවකින් යුතු කිවිඳියක්.ඇය රචනා කළ කුළුඳුල් කාව්‍ය එකතුව “හතළිස් ඇඳිරියට පෙර” පසුගිය පෙබරවාරි 9 වෙනිදා එළි දැක්වුණා. සහෘද කලා සම්භාෂණයක් ලෙස එය පැවැත්වුණේ කොළඹ 7, ද ග්‍රෑන්ඩ් – මේට්ලන්ඩ් හෝටලයේදීයි.”හතළිස් ඇඳිරියට පෙර” සරසවි මුද්‍රණයක් හා බෙදා හැරීමක්.ඒ වගේම නීතිඥ වෘත්තියේ යෙදෙන කවි කිවිඳියන් විවිධ තේමාවන් යටතේ කවි රචනා කළත් කාව්‍යාත්මක දෘෂ්ඨියකින් නීතිය විස්තර කිරීම දුබල සිදුවීමක් වනවාට කිසිම සැකයක් නෑ.කාංචනමාලා නීතිඥ කිවිඳියගේ “හතළිස් ඇඳිරියට පෙර” පද්‍ය සංග්‍රහයෙන් උපුටා ගත් මේ පද්‍ය රචනයෙන් ඇය කවි ඇසට නීතිය නතු කර ගෙන ඇති අපූරුව අත් විඳිමු.
නීතිය
කුඩා සන්දියේ මා මවිත කළ නීතිය
තුරුණු වයසේ නිබඳ අකුරු කළ නීතිය
මඳින් මඳ බිඳෙන් බිඳ තෙද බිඳුණු නීතිය
දෙවඟනත් අන්ධමය කිළිටි කල නීතිය
බර හඬින් ගරු සරුව උගන්නත් නීතිය
වීදි ගානේ දැනුත් විකිණේය නීතිය
දැක දැකම නො මිනිසුන් රජ කරන නීතිය
තාම මම සිප් හලේ දෙසන්නෙමි නීතිය
කාංචනමාලා ගීකියනෙග්